ප්‍රධාන දුම්රිය මාර්ගයක දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්..
අද (22) උදෑසන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වනවා.
එලෙස කාර්මික දෝෂයකට ලක්වී ඇත්තේ, ගාල්ලේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් බූස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී බවයි පැවසෙන්නේ.
මේ හේතුවෙන් අද උදෑසන ධාවනය වන අනෙකුත් දුම්රියන් ද ප්‍රමාද විය හැකි බවයි දන්වා ඇත්තේ.