දරුණු අනතුරක් - එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් අඩි 50ක් ප්‍රපාතයකට

Report

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත අද (20) දින ඇතුලත් කළ බව වටවල පොලිසිය සදහන් කර තිබේ.

උදෑසන 9:30ට පමණ මෙම අනතර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා ප්‍රදේශයේදීය.

පොලිසිය සඳහන් කළේ. මව, පියා සහ දියණියන් දෙදෙනා ගමන් ගත් ත්‍රීරෝද රථය ධාවනය කර ඇත්තේ වැඩිමල් දියණිය බවත්, ඇයට ත්‍රීරෝද රථය ධාවනය කිරීම සඳහා නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක්ද තිබූ බවයි.

මීගමුවේ සිට හැටන් ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වේ.

රුපියල් 2000ක ඔට්ටුවකට බූරු පොළක ඇතිවූ ගැටුමක් දුර දිග යාමෙන් පුද්ගලයෙකු මරුට

රුපියල් 2000ක ඔට්ටුවකට බූරු පොළක ඇතිවූ ගැටුමක් දුර දිග යාමෙන් පුද්ගලයෙකු මරුට

 ඒ වගේම ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ වාහනයකට වංගුවක් සහිත ස්ථානයකදී ඉඩ ලබා දීමට යෑමෙදි ත්‍රීරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදි ප්‍රපාතයට පෙරළී තිබේ .

අනතුරින් දියණියන් දෙදෙනා සහ මව තුවාල ලබා ඇති බවත්, අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ සිදු වී ඇති බව අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන වටවල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරීන් සඳහන් කරයි.  

පසුගිය දවස්වල රැප් එකක් නිසා ජනප්‍රිය වුණ මියෝනා ආයෙමත් කරළියට

පසුගිය දවස්වල රැප් එකක් නිසා ජනප්‍රිය වුණ මියෝනා ආයෙමත් කරළියට