දික්වැල්ලේ රථවාහන ගමනාගමනයට සීමා- හේතුව මෙන්න
දික්වැල්ල පොලිස් වසමේ වැවුරුකන්නල රජමහා විහාරය හා දීඝවාලුකාරාම් විහාරස්ථානවල පැවැත්වෙන මහා පෙරහර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර ඇත.
එම විහාරස්ථානවල වාර්ෂිකව පැවැත්වෙන මහා පෙරහර තංගල්ල බෙලිඅත්ත මාර්ගයේ සහ කොළම කතරගම ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
මෙම පෙරහර හේතුවෙන් 2026.05.31 වන දින හා 2026.06.01 යන දිනයන්හිදි දහවල් 1200 සිට පහත පරිදි මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කරන බැවින් එම මාර්ගය භාවිතා කරන මහජනතාව සහ රියැදුරන් වෙත පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටිනු ලබයි .
මාතර සිට තංගල්ල, හම්බන්තොට, කතරගම දක්වා ගමන් කරන රථවාහන සැලැස්ම -
- මාතර සිට පැමිණෙන රථ වාහන ගන්දර පසු වී තලල්ල කාර්මික විද්‍යාලය අසලින් වමට හරවා තලල්ල නාඔටුන්න මාර්ගයේ කිලෝ මීටර් 2.6 ක් පමණ ගමන් කර නා ඔටුන්න හන්දියෙන් දකුණට හරවා රත්මලේ මාර්ගයේ කිලෝමීටර් 06 ක් පමණ ගමන් කර කිරිනැලිය හන්දියෙන් වමට හරවා රදම්පල හන්දියට ගොස් ඉන් දකුණට හරවා නාවර හේන හන්දියට ගමන් කර, ඉන් වමට හරවා දෙද්දුවාවල හන්දිය දක්වා ගමන් කර දෙද්දුවාවල හන්දියෙන් වමට හරවා බෙලිඅත්ත දක්වා ගමන් කල හැක
- කතරගම, හම්බන්තොට, තංගල්ල දෙස සිට මාතර දෙසට ගමන් කරන වාහන දික්වැල්ල නගරය ඔස්සේ එක් දිශාවකට ධාවනය කරවීමට කටයුතු යොදා ඇත. -) දීඝවාලුකාරාම විහාරයේ පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ රථවාහන ගාල් කිරීම සඳහා බතීගම පාසල් ක්‍රීඩාපිටිය රථ ගාල භාවිතා කල හැක.
- වැවුරුකන්නල රජ මහා විහාරස්ථානයේ පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ රථවාහන ගාල් කිරීම සඳහා වලස්ගල ක්‍රීඩාංගනයත්, අළුත් තංගල්ල පාර වැවුරුකන්නල විහාරය අසල ක්‍රීඩා පිටියත් රථවාහන ගාල් කිරීම සඳහා සුදානම් කර ඇත.