සූදානම් වන්නැයි දන්වයි - හෙට සවස 4.30 වන තුරු වලංගු නිවේදනයක්
කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 65 ත් දක්වා වැඩි විය හැකි බවයි.
එබැවින් මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදෙන පිරිස් ඒ පිළිබද අවදානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වයි.
මෙම නිවේදනය මැයි මස 30, එනම් හෙට දින පස්වරු 4.30 වන තෙක් වලංගු බව සඳහන්.