බිහිසුණු අනතුරක් - බස් රථයක් පෙරළී 26ක් රෝහලේ
මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ තිස් එකේ හන්දිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුව ඇත.
ඒ අනුව එම අනතුරෙන් තුවාල ලැබූ 26 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව සඳහන්.
මෙසේ අනතුරට ලක්වී ඇත්තේ මොණරාගල - කොටියාගල අතර ධාවනය වූ ලංගම බස් රථයක් බව වාර්තා වේ.