ලෝක ව්‍යාප්ත අවවාදාත්මක සෞඛ්‍ය ඇඟවීමක් - මේ රටවලින් එන අයට ගුවන්තොටුපළේදිම සෞඛ්‍ය පරීක්ෂණ දැඩි වෙයි

Report

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන “ලෝක ව්‍යාප්ත අවවාදාත්මක” සෞඛ්‍ය ඇඟවීම් මාලාව ඊයේ (28) දින යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඉබෝලා (Ebola) වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රටවල් තුනක සිට පැමිණෙන අමෙරිකානු සංචාරකයන් වෙනුවෙන් වන ඇතුළුවීමේ සෞඛ්‍ය පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව, ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල්වලින් පැමිණෙන අමෙරිකානු සංචාරකයන් සඳහා මෙය අඳාළ වන බව සඳහන්.

එක දවසකට රෝගීන් 99 ක් වාර්තා වෙයි - රටම බය කරමින් මාරාන්තික රෝගයක් ගැන සෞඛ්‍යයෙන් හෙළිදරව්වක්

එක දවසකට රෝගීන් 99 ක් වාර්තා වෙයි - රටම බය කරමින් මාරාන්තික රෝගයක් ගැන සෞඛ්‍යයෙන් හෙළිදරව්වක්

එබැවින් අමෙරිකාවට පැමිණීමට දින 21කට පෙර ඉහත කී රටවල රැඳී සිටි ඕනෑම ඇමෙරිකානු පුරවැසියෙකු හෝ එරට ජාතිකයෙකු  මෙම දැඩි පරීක්ෂාවන්ට ලක්විය යුතු වේ.

එසේම එම සංචාරකයන් අමෙරිකාවට ඇතුළු විය යුත්තේ විශේෂ මහජන සෞඛ්‍ය පරීක්ෂණ සඳහා වෙන්කර නම් කරන ලද ගුවන් තොටුපළවල් හරහා පමණක් බවත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

චීන පොළොව කැළඹෙයි - ප්‍රබල භූ කම්පනයක්

චීන පොළොව කැළඹෙයි - ප්‍රබල භූ කම්පනයක්

ගාසා ආක්‍රමණය තව වැඩි කරන්න - ඊශ්‍රායල අගමැති හමුදාවට නියෝග කරයි

ගාසා ආක්‍රමණය තව වැඩි කරන්න - ඊශ්‍රායල අගමැති හමුදාවට නියෝග කරයි