නුවරඑළිය මහාධිකරණයෙන් සිව් දෙනෙකුට දුන් දඬුවම - එක් චූදිතයෙක් සිරමැදිරියෙම වස බොයි

Report

නුවරඑළිය මහාධිකරණයෙන් අද (29) දින සිව් දෙනෙකුට මරණ දඩුවම නියම කර තිබෙන අතර, මරණ දඩුවම නියම වූ එක් චූදිතයෙකු සිරමැදිරියේ වැසිකිළිය තුළදී වස පානය කර ඇති බව වාර්තා වේ.

අනතුරුව ඔහුව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑළිය පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කර තිබෙනවා. එසේ මරණ දඩුවම නියම කර ඇත්තේ නුවරඑළිය මහාධිකරණයේ විනිසුරු විරාජ් වීරසූරිය මහතායි.

ඉකුත් 2015 වසරේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව පොලිස් වසමේ පදිංචි 52 හැවිරිදි ගාමිණි දිසානායක නැමති සැකකරු විසින් තම බිරිදට 23 පලකට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරිමෙන් අනතුරුව මරණ දඩුවම නියම කර ඇති බව සඳහන්.

දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්

දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්

ඉන්පසු ඔහු බන්ධනාගාර සිර මැදිරිය තුළදී වස පානය කිරිමෙන් අනතුරුව දැඩි ආරක්ෂාව මධ්‍යයේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

එසේම 1997 වසරේ වලපනේ තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි එස්.නන්දසේන නැමති සැකකරුවෙක්ට උප තැපැල් ස්ථානාධිපතිවරයෙකුගේ ගෙල කපා ඝාතනය කිරිම සම්බන්ධයෙන් මරණ දඩුවම මීට ප්‍රථම නියම කර තිබියදී චුදිත විසින් එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරපත් කර තිබෙනවා.

වහාම බැසිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න - කොටුව අධිකරණයෙන් නියෝගයක්

වහාම බැසිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න - කොටුව අධිකරණයෙන් නියෝගයක්

එහෙත් එම ඇපෑලෙන්ද එම තීන්දුවම ලබා දී ඇති බවත් අඳාළ නඩුව වසර 29ක් විභාග වූ නඩුවක් බවත් සඳහන්.

එමෙන්ම 2010 වසරේ තලවකැලේ පොලිස් වසමේ පදිංචි 75 හැවිරිදි මුත්තුවිරන් නැමති සැකකරු සහ ඔහුගේ පුතුන් දෙදෙනා සමඟ එක්ව පුද්ගලයෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් වැරිදිකරු වීම හේතුවෙන් එම චූදිතයාටද මරණ දඩුවම නියමව ඇත.

තවද 2000 වසරේ ගිනිගත්හේන කෙනිල්වත්තේ පදිංචි 51 හැවිරිදි ශන්මුගම් සිවරාජා නැමති සැකකරු පුද්ගලයෙකුට ගල්වලන් පහරදී ඝාතනය කිරිම සම්බන්ධයෙන් වැරදිකරු බවට ප්‍රකාශ කරමින් එම චූදිතට ද මරණ දඩුවම නියම කර ඇත.

කන්න බොන්න නැතුව බැට්රි වතුර පවා බිව්වා - රටම හොයද්දි දින 10ක් මුහුදේ අතරමංව සිටි 'මිනු බබා -1'ගොඩබිමට එයි

කන්න බොන්න නැතුව බැට්රි වතුර පවා බිව්වා - රටම හොයද්දි දින 10ක් මුහුදේ අතරමංව සිටි 'මිනු බබා -1'ගොඩබිමට එයි