පොලොන්නරුව–මඩකලපුව මාර්ගයේ ගමනාගමනයට ගංවතුරෙන් බාධා

Report

දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොලොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

ඒ එම මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා වූ කොටසේ ගංවතුර තත්වයක් මතු වීම හේතුවෙනි.

එහි ආරක්ෂිත පියවරක් ලෙස ඊයේ (19) රාත්‍රී කාලයේදී ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ධාවනය සීමා කිරීමට පොලොන්නරුව පොලිසිය විසින් කටයුතු කර තිබේ.

ඒ වගේම පොලොන්නරුව පොලිසිය සදහන් කරන්නේ මාර්ගය හරහා ජලය ගලා යාම නිසා කුඩා වාහන ධාවනය අවදානම් සහගත බැවින් මෙම තීරණය ගත් බව වේ .

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

දිට්වා සුළි කුණාටුවෙන් පහතරට එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

දිට්වා සුළි කුණාටුවෙන් පහතරට එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට