දරුණු අනතුරක් ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි - රියදුරුත් අතුරුදහන්
By Mithu
මහියංගනය මාපාකඩ මාර්ගයේ දියබාන ප්‍රදේශයේදී මාපාකඩ දෙසට අධික වේගයෙන් ධාවනය වූ බරවාහන ට්‍රැක්ටර් රථයක් රියැදුරුට පාලනයකරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල ඇති වියානා ඇලට පෙරලීමෙන් බරපතළ අනතුරක් සිදුව ඇත.
මෙම අවාසනාවන්ත අනතුරින් ට්‍රැක්ටර් රථයේ රියැදුරු සැඩ පහරට හසුව දියේ ගිලී මේ වනවිට අතුරුදන්ව ඇති බවයි ප්‍රදේශයේ වාර්තා සඳහන් කරන්නේ.
ලංකාවේ මහජනතාවට අනතරු ඇඟවීමක් - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වගේ ඩෙංගු බලන්න ඇවිත් මුදල් කඩාගන්න අලුත් අපරාධයක්
මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 45 ක් වූ මහියංගනය ප්‍රදේශයේම ස්ථීර පදිංචිකරුවෙකි.
වියානා ඇලේ සැඩ පහරට හසුව අතුරුදන් වූ එම පුද්ගලයා සොයා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව මේ වන විට පුළුල් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මහියංගනය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.