කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

Report

මිනිස් පරිභෝජනය සඳහා නොසූදුසු, ආනයනය කළ රුපියල් කෝටි 18ක වටිනා කිරිපිටි තොගයක් කෙරවලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක සඟවා තිබී ඇති අවස්ථාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හෙළිදරව් කර ඇත.

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

වෙළඳපලට නිකුත් කිරීම සඳහා සූදානම් කර තිබූ මෙම කිරිපිටි තොගය පිළිබඳව පාරිභෝගික අධිකාරියේ මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව, ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ කණ්ඩායමක් එම ගබඩාව පරීක්ෂා කළ අතර එහිදී මෙම තොගය සොයාගන්නට ලැබිණි.

නෙදර්ලන්තයෙන් ආනයනය කර, කිලෝ 25 බැගින් පැකට් කළ මෙම කිරිපිටි බහාලුම් හයක සඟවා තිබූ අතර, එය වෙළඳපලට බෙදා හැරීමට සූදානම් කරමින් තිබූ බවද අනාවරණය වී ඇත.

ආයේ සෙල්ෆි ගන්න තහනම් - මැරෙන්න ආසයිනම් සෙල්ෆි ගන්න

ආයේ සෙල්ෆි ගන්න තහනම් - මැරෙන්න ආසයිනම් සෙල්ෆි ගන්න

පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ, මෙසේ සෙවූ කිරිපිටි තොගයේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 153,000ක් වන අතර ඒවා මිනිස් පරිභෝජනය සඳහා අසුදුසු බව වාර්තා වී ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා වැලිසර අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත භාර දී ඇතැයි අධිකාරියේ නිලධාරියෙක් සඳහන් කළේය.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට