රට ඉක්මනින් විවෘත කළ යුතුයි , රටට සල්ලි ඕනි - සුදර්ශනි

Sri lanka covid 19 Sudarshani fernandopulle
By Sithumi Jul 19, 2021 12:52 PM GMT
Report

පවතින කොවිඩ් තත්ත්වයට හුරුවෙමින් ජීවිත්වීමට ඉගෙන ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

අද (19) කොළඹ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසූවාය.

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දෛනිකව අඩු වුවත් තවමත් අවධානම පහව ගොස් නැතැයි ද පැවසු රාජ්‍ය අමාත්‍යවරිය එන්නත්කරණය තුළින් මරණ අනුපාතය අඩුකර ගත හැකි බව ද සඳහන් කළාය. 

 වසංගත තත්ත්වයක් තුළ උද්ඝෝෂණ සිදුකරන පුද්ගලයින් ඒ පිළිබඳ දැනුවත් විය යුතු බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරිය, ආණ්ඩුවට පමණක් කොවිඩ් පාලනය තනිව සිදුකළ නොහැකි බව ද පැවසුවාය.

මේ අතර කොවිඩ් තත්ත්වය හමුවේ ඉදිරියටත් රට වසා තැබීමේ හැකියාවක් නොමැති බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරිය ජනතා සහයෝගය ඊට ලැබිය යුතු බව ද සඳහන් කළාය. “

රජයේ අරමුණ තමයි සැප්තැම්බර් අගවෙද්දි 30ට වැඩි සියලුදෙනා ම එන්නත්කරණය කිරීම. ඒ එන්නත්කරණය හරහා මරණ අවම කර ගන්න පුළුවන්. දැන් ඩෙල්ටා ප්‍රභේදය තියෙන රටවලත් රෝගය හැදුනට මරණ හුඟාක් අඩුවෙලා තියෙනවා. අපේ අරමුණත් එන්නත්කරණය හරහා රට ක්‍රමානුකූලව අරින්න.

හැමදාම ඒක වහගෙන ඉන්න බෑ. වහගෙන හිටියම කොහොන් ද සල්ලි හම්බවෙන්නේ රටට. රටේ මිනිස්සුන්ට කොහෙන්ද සල්ලි හම්බන්නේ. කොවිඩ් එක්ක ජීවත්වෙන්න අපි හුරුවෙන්න ඕනේ. හැබැයි ඉතින් අපි දැනගන්න ඕනේ ආරක්ෂා වෙන්න.“