නුවරඑළිය නගරාධිපතිවරයාගේ ඉල්ලීම
මෙරටට බලපෑ දිට්වා සුලි කුණාටුවෙන් පසු නුවරඑළිය යළිත් යථා තත්වයට පත් කර ඇති බවත්, එළඹෙන නව වසරේ සංචාරයන් සඳහා නුවරඑළියට පැමිණෙන ලෙස නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා සංචාරකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ .
ඒ වගේම මේ වන විට නුවරඑළිය නැරඹීම සදහා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ තිබෙන බවත් එතුමා සදහන් කර තිබේ.
නගරාධිපතිවරයා සදහන් කරන්නේ නුවරඑළියට පැමිණෙන දේශීය සංචාරකයන්ට විනෝද වීමට නගර සභාව මගින් වැඩසටහන් ගණනාවක් දියත් කර ඇති බවයි.
තවද දිනවල නුවරඑළියේ කාලගුණ තත්වය යහපත් බවත්, නුවරඑළියට පිවිසෙන මාර්ග සියල්ල යථා තත්වයට පත් කර ඇති නිසා නුවරඑළිය සංචාරයට එක් වන ලෙසය සංචාරකයන්ගෙන් නුවරඑළිය නගරාධිපතිවරයා ඉල්ලීමක් කරයි.