නුවරට දුම්රියක් ගමන් කරවීම දැවැන්තම අභියෝගක් නියෝජ්‍ය ඇමති ප්‍රසන්න කියයි

Report

මෙරට පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හානියට පත්වූ සියලු දුම්රිය මාර්ග පද්ධති යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කර තිබේ.

ඒ වගේම එතුමා සදහන් කරන්නේ මෙම ආපදා තත්වයන් නිසා වැඩිම හානියක් සිදු වූයේ දුම්රිය දෙපාර්තුමේන්තුවට බවයි.

ඒ වගේම දුම්රිය දෙපාර්තුමේන්තුවට හොදටම මෙය ප්‍රතිසංස්කරන කටයුතු වලට බිලියන 345 ක් පමණ වියදම් වෙන බවත් නමුත් මේ වන විට ක්‍රමිකව දුම්රිය මාර්ග ප්‍රතිසංකරණ කිරීමේ කටයුතු සිදු කරන බවත් එතුමා සදහන් කර තිබේ.

ඒ වගේම රඹුක්කන දක්වා දුම්රිය මාර්ගය මේ වන විට යතා තත්වයට පත් කර තිබෙන බවත් බදුල්ල අඹේවෙල දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරන කටයුතු මේ වන විට ආරම්භ කළ බවත් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.

ආපදාවෙන් හානි වූ කුඹුරු සඳහා තවමත් වන්දි මුදල් ලැබී නොමැති බවට ගොවීන්ගෙන් චෝදනා

ආපදාවෙන් හානි වූ කුඹුරු සඳහා තවමත් වන්දි මුදල් ලැබී නොමැති බවට ගොවීන්ගෙන් චෝදනා

මාස දෙකක් තුළ බදුල්ල නානු ඔය දක්වා දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු නිම කිරීමට කටයුතු කඩිනමින් යොදන බවත් එතුමා සදහන් කර තිබේ.

ඒ වගේම දැනට තියන දැවැන්තම අභියෝගය නුවරට දුම්රිය ගමන් කරවීම බවත් ඒ සදහා අවුරුද්දක කාලයක්වත් ගත වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි .

ඩග්ලස් දේවානන්ද රඳවා ප්‍රශ්න කරයි

ඩග්ලස් දේවානන්ද රඳවා ප්‍රශ්න කරයි