නුවරඑළියට සංචාරකයන් විශාල පිරිසක්
By Kanchana
මෙරටට බලපෑ අයහපත් කාලගුණයෙන් පසු නුවරඑළියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ඊයේ (27) දින පැමිණි බව නුවරඑළිය සංචාරක හෝටල් සංගමයේ සහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ මහතා සදහන් කර තිබේ.
ඒ වගේම ඔවුන් සංචාරකයන් හෝටල් සහ නිවාඩු නිකේතන වල කාමර වෙන්කරවා ගෙන නතර වී ඇති බව ඒ මහතා සඳහන් කර ඇත.
ඒ වගේම මෙලෙස පැමිණි සංචාරකයන් පිරිසක් නුවරඑළියේ ග්‍රෙගරි වැවේ විනෝද වන ආකාරය පවා දක්නට ලැබූ බව සංචාරක හෝටල් සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ මහතා තවදුරටත් ප්‍රකාශ කර තිබේ.