ඉන්දීය සංචාරකයින්ගේ ආකර්ෂණීයම ගමනාන්ත අතර ලංකාවට හිමි වෙලා තියන තැන මෙන්න

Report

 ඉන්දීය සංචාරකයින් වැඩිම පිරිසක් 2025 වසර අවසාන නිවාඩු සමයේ වෙන් කරවා ගත් විදෙස් සංචාරක ගමනාන්ත අතර තෙවන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙන බව වාර්තා වේ.

ඒ වගේම මේ බව ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක සේවා ආයතනයක් වන MakeMyTrip ආයතනය නිකුත් කර තිබෙන නවතම දත්ත වාර්තා අනුව මේ බව සදහන් වේ.

තවද මෙම වාර්තා සකස් කර තිබෙනුයේ 2025 දෙසැම්බර් 20 සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ දී ඉන්දියානු සංචාරකයින් විසින් සිදුකළ වෙන්කිරීම් පසුගිය වසරේ අදාළ කාලයට සසඳමින් විශ්ලේෂණය කරමිනි.

ඉන්දියානු සංචාරකයින්ගේ ප්‍රියතම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව වෙත වඩා කැමත්තක් දක්වන බව එහි සදහන් වේ.

එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය තායිලන්තයට හිමිකරගන ඇත.

මේ ප්‍රදේශවලට අද හවස තද අකුණු සහත අනෝරා වැසි

මේ ප්‍රදේශවලට අද හවස තද අකුණු සහත අනෝරා වැසි

ඒ වගේම දෙවැනි ස්ථානය එක්සත් අරාබි එමීර රාජ්‍යයට හිමිව ඇති අතර වියට්නාමය පසුගිය වසරේ හත්වැනි ස්ථානයේ සිට මේ වසරේ සිව්වැනි ස්ථානයට පත්ව ඇත.

ඉන්දියානු සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්ත ලෙස ලැයිස්තුවට මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ හොංකොං යන රටවල් ඊට අමතරව ඇතුළත් වී තිබේ.

තවද ශ්‍රී ලංකාව තුළ පවතින අපූරු ස්වභාවික සුන්දරත්වය ඒ වගේම සංස්කෘතික උරුමය මෙන්ම ඉන්දියාවට ආසන්න භූගෝලීය පිහිටීම ආදී කරුණු හේතුවෙන් ලංකාව වෙත විශාල ආකර්ශනයක් හිමිව තිබෙන බවයි. 

රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකු ප්‍රභල පාතාල චරිත රැසක් ගැන වමාරයි

රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකු ප්‍රභල පාතාල චරිත රැසක් ගැන වමාරයි