සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක්

Report

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක කටයුතු ප්‍රවර්ධන නොකිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

  ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් රාජ්‍ය නොවන සංවිධානයක් වෙත නිකුත් කළ ලිපියක් බල රහිත කිරිමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුක‍ර තිබේ.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් මේ පෙත්සම ඉදිරිපත් කර ඇත. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එහි පෙත්සම්කරුවකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ද අධිකරණය හමුවේ පෙනී සිට තිබුණි.

ජනාධිපතිවරයා මේ රටට හුන්ඩුවක් කියනවනම් අනෙක් අය කොහොම කියයිද? - ජනපතිගේ කතාව ගැන සීලරතන හාමුදුරුවන්ට හොදටම කේන්ති ගිහින්

ජනාධිපතිවරයා මේ රටට හුන්ඩුවක් කියනවනම් අනෙක් අය කොහොම කියයිද? - ජනපතිගේ කතාව ගැන සීලරතන හාමුදුරුවන්ට හොදටම කේන්ති ගිහින්