තොණ්ඩමන් නාමය වතුකරයෙන් ඉවත් කරන්න යයි
තොන්ඩමන් නාමය සහ තොන්ඩමන් පදනම ඉවත් කිරිමට රජය නියෝජනය කරන ඇතැම් පාර්ශව කටයුතු කරන බවත්, එම නාමය ඉවත් කිරිමට වතුකරයේ ජනතාව කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් විසින් අද (24) දින හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර ඇත.
ඒ අනුව මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක්වූ කනපති කනගරාජ් මහතා සඳහන් කළේ ඊයේ (23) දින පාර්ලිමේන්තුවේදි නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා සහ අම්භිගා සාමුවේල් මහත්මියත් සැලසුම් සහගතව පාර්ලිමේන්තුවට පැමිණ රම්බොඩ තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයත් නෝර්වුඩ් නගරයේ පිහිටි තොන්ඩමන් ක්‍රීඩාංගණයේත් නම වෙනස් කළ යුතු බවට ප්‍රකාශ කළ බවයි.
එබැවින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදු කල සර්වමූර්ති තොන්ඩමන් නාමය ඉවත් කිරිමට කිසිවෙකුටත් නොහැකි බවත්, එම නාමය ඉවත් කිරිමට වතුකරයේ ජනතාව හෝ ලංකා කම්කරු කොංග්‍රසය කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් ය.
එසේම ජනාධිපතිවරයාට තිබෙන ජනප්‍රියතාවය පදනම් කරගෙන එම නියෝජ්‍ය ඇමතිවරයා සහ මන්ත්‍රිවරිය පාර්ලිමේන්තුව වෙත පැමිණි බවත්, එසේ පැමිණ වතුකරයේ ජනතාව සඳහා කටයුතු කළ බව පැවසූ ඔහු, සර්වමූර්ති තොන්ඩමන් මහතාගේ නාමය හෝ තොන්ඩමන් පදනම ඉවත් කිරිමට උත්සහ නොකරන ලෙසට වැඩිදුරටත් ඉල්ලා සිටියි.