Buddy net යන වෙබ් අඩවිය සහිත මොඩියුලය හදන්න විපක්ෂය සම්බන්ධ නැහැ සජිත් කියයි

Report

Smart board, computers නොමැති පාසල්වලට සක්වල වැඩසටහන හරහා ඒවා ලබා දී ඉංග්‍රීසි, හින්දි, චීන, ජපන් භාෂා ඇතුළු තවත් භාෂා මෙන්ම STEAM education ඇතුළු පැතිකඩවලට යොමුවිය යුතු බවට මුලින්ම පැවසුවේ සමගි ජන බලවේගය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර තිබේ .

විපක්ෂ නායක කාර්යාලයේ දී අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥයන් සහ පාර්ශ්ව සමග පැවැති හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කර තිබේ.

තවද මෙම අවස්තාවේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

විපක්ෂ නායකවරයා තව දුරටත් සදහන් වනුයේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විපක්ෂයේ අකමැත්තක් නොමැති බවත් Green Paper, White Paper හරහා මේ වැඩකටයුතු ක්‍රියාත්මක කරන ලෙස පැවසුවේ සමගි ජන බලවේගය බවයි.

විපක්ෂනායකයා තව දුරටත් සදහන් කළේ විපක්ෂයකට ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ නතර කරන්න බලයක් නොමැති බවත් සමගි ජන බලවේගය කිසිදා ජනතාව පාරට බස්සවා එවැනි දේ සිදු නොකරන බවයි.

ගුරු පුහුණු ගැටලු, තාක්ෂණික ගැටලු ආදිය මගහරවා ගනිමින් 2027 දී මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීම ජනාධිපතිවරයා ගත් තීන්දුවක් මිස විපක්ෂය ඊට සම්බන්ධ නොමැති බව විපක්ෂ නායකවරයා සදහන් කර ඇත.

''ආණ්ඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මුදල් නැහැ ''ආණ්ඩුවේ බංකොලොත් බව ගැන හිටපු ඇමති බන්දුල කට අරියි

''ආණ්ඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මුදල් නැහැ ''ආණ්ඩුවේ බංකොලොත් බව ගැන හිටපු ඇමති බන්දුල කට අරියි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ Buddy net යන වෙබ් අඩවිය සහිත මොඩියුලය හදන්න විපක්ෂය සම්බන්ධ නැති බවත් ස්ථාන 12ක් මගින් මේ මොඩියුලය පරීක්ෂා කරන බවත් එවැනි ආකාරයට නිර්මාණය වූ මෙවැනි මොඩියුල සුදුසුද නැද්ද කියා දෙමාපියන්ම තීරණය කළ යුතු බවයි . 

පඩි වැඩි කරලා තියෙද්දිත් වැඩ වර්ජනය කිරීම අසාධා‍රණයි ඇමති නලින්ද කියයි

පඩි වැඩි කරලා තියෙද්දිත් වැඩ වර්ජනය කිරීම අසාධා‍රණයි ඇමති නලින්ද කියයි