රටේ මේ ප්‍රදේශ වලට වැස්ස සහ අනෙකුත් ප්‍රදේශ වලට වැස්ස - අද කාලගුණය මෙන්න

Report

දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) සවස්‌ කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එම නිවේදනයේ සඳහන් වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවය.

අප්‍රේල් 2 සිට 15 දක්වා ශ්‍රී ලාංකිකයන් ප්‍රවේශමෙන් - ජනතාවට අනතුරු අඟවයි

අප්‍රේල් 2 සිට 15 දක්වා ශ්‍රී ලාංකිකයන් ප්‍රවේශමෙන් - ජනතාවට අනතුරු අඟවයි

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

එසේම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ශ්‍රී ලාංකිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක් - ජංගම දුරකථනයෙන් අනතුරුදායක කෙටි පණිවිඩය

ශ්‍රී ලාංකිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක් - ජංගම දුරකථනයෙන් අනතුරුදායක කෙටි පණිවිඩය