ඊශ්‍රායලයත් මානව හිමිකම් කඩකිරීමේ ලේඛනයට...

By Parami Dissanayake Jun 08, 2024 02:17 PM GMT
Report

යුද්ධයේ දී ළමුන් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ රටවල් සහ සන්නද්ධ හමුදා ඇතුළත් එක්සත් ජාතීන්ගේ ලැයිස්තුවට ඊශ්‍රායලය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඊශ්‍රායලය මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ මෙම නින්දිත තීරණය ගැන අතිශයින් කම්පනයට සහ පිළිකුලට පත්වන බව ඊශ්‍රායලයේ එක්සත් ජාතීන්ගේ තානාපති ගිලාඩ් එර්ඩන් පවසා ඇත.

පොසොන් සමයේ ප්‍රවාහනය සඳහා අතිරේක බස්රථ 400ක් සේවයට...

පොසොන් සමයේ ප්‍රවාහනය සඳහා අතිරේක බස්රථ 400ක් සේවයට...

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය X සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය හමාස් සංවිධානයේ අභූත ප්‍රකාශයන් පිළිගැනීම ඉතිහාසයට කළු පැල්ලමක් එක්කළ බවයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ලෝකයේ වඩාත්ම සදාචාරාත්මක හමුදාව වන අතර එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අදහස්වලට එය වෙනස් කළ නොහැකි බවයි අගමැතිවරයා සඳහන් කර ඇත.

සීඝ්‍රයෙන් ඉහළ යන ඩෙංගු මදුරු කීට ඝණත්වය...

සීඝ්‍රයෙන් ඉහළ යන ඩෙංගු මදුරු කීට ඝණත්වය...

එමෙන්ම, එක්සත් ජාතීන්ගේ පලස්තීන නියෝජිත රියාද් මන්සූර් ඊශ්‍රායලයේ එම ලැයිස්තුවට එකතු කිරීමෙන් ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මිය ගිය හෝ සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් නොවන බව කියා සිටියා.