රන් මිල 60%න් වැඩි වෙයි - රත්තරන් දිහා ආයේ බලනවා බොරු
ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම රත්තරන් මිල ඊයේ (22) දින වාර්තා වී තිබෙනවා.
ඒ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් හාරදහස් හාරසියයයි දශම දෙකයි නවයක් (4,400.29) වශයෙන්.
ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ඉහළ යාම නිසා ශ්රී ලංකාවේ ස්වර්ණාභරණ වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් තුන්ලක්ෂ හතළිස්හතර දහසක් (344,000) දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිසල් හිමියන්ගේ සංගමයේ ලේකම් රාමන් සුබ්රමනියම් පවසා ඇත.
තවද කැරට් 22 රන් පවුමක මිල රුපියල් දෙලක්ෂ දහඅටදහස් පන්සියයක් (218,500) දක්වා ද, කැරට් 18 රන් පවුමක මිල රුපියල් දෙලක්ෂ පනස් (258,000)ක් දක්වා ද ඉහළ ගොස් ඇති බව ලේකම්වරයා සඳහන් කර ඇත.

එසේම මේ වසරේදී ලෝක වෙළෙඳපොළේ රන් මිල සියයට හැටකට (60%) වඩා වැඩි ප්රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ද ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ඉහළ ගොස් තිබුණා.
ඒ අනුව අද (23) දින ශ්රී ලංකාවේ රන් මිල ගණන් පහත පරිදී දැක්වුණ අතර මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බව සඳහන්.

කැරට් 18 රන් ග්රෑම් 8 ක් රුපියල් 249,500
කැරට් 21 රන් ග්රෑම් 8 ක් රුපියල් 291,500
කැරට් 22 රන් ග්රෑම් 8 ක් රුපියල් 319,800
කැරට් 24 රන් ග්රෑම් 8 ක් රුපියල් 349,500