අද කාලගුණ නිවේදනය - 03/17/2025

Kandy Sri Lanka Sabaragamuwa Province North Western Province Weather
By Zara Mar 17, 2025 12:30 AM GMT
Zara

Zara

Report

අද (17) දින නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හකී බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

චන්දිමාල් දුශේනිටත් සහය දෙනවා

චන්දිමාල් දුශේනිටත් සහය දෙනවා

ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද වදිසුරටත් පවසනවා.

එබැවින් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා.

මොබියිල් ෆෝන් ගැන අලුත්ම හෙළිදරව්ව... විනාඩි 6කට වතාවක් මෙහෙම වෙනවලු

මොබියිල් ෆෝන් ගැන අලුත්ම හෙළිදරව්ව... විනාඩි 6කට වතාවක් මෙහෙම වෙනවලු

කාලයකින් කරලියේ ට්‍රෙන්ඩ් වෙන ඉරාජ්.... JVP එකට සොරි වෙන්නම දෙයි

කාලයකින් කරලියේ ට්‍රෙන්ඩ් වෙන ඉරාජ්.... JVP එකට සොරි වෙන්නම දෙයි

ReeCha