වැය පස අධික අද දවසේ මේ අයට නැති වූ දෙයක් නැවත හිමිකරයි
🔴 මේෂ ලග්නය
සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. එමෙන්ම ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.
🔴 වෘෂභ ලග්නය
වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. විනෝදයෙන් සිටීමට කැමැති දිනයකි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
🔴 මිථුන ලග්නය
පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. හිතවත්කම් අලුත් කරන දිනයකි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි.
🔴 කටක ලග්නය
සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. අවිවේකී දිනයකි.
🔴 සිංහ ලග්නය
නැති වූ දෙයක් නැවත හිමිකරයි. ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. හදිසි ගනුදෙනුවක් සිදු කරයි. වැය පස අධික දිනයකි.
🔴 කන්යා ලග්නය
ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. සෙම් අමාරුවක් හේතුවෙන් පීඩා අත් කරන දිනයකි. යොදාගත් සැලසුමක් සාර්ථක කරයි.
🔴 තුලා ලග්නය
හදිසි ගනුදෙනුවක් සිදු කරයි. පාදයේ ආබාධයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙහෙසීම් බහුල දිනයකි.
🔴 වෘශ්චික ලග්නය
තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට හැකිවෙයි.
🔴 ධනු ලග්නය
පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගනී. මිහිරි ආහාරපාන කෑමට හිමිකරයි. වගකීමකින් නිදහස උදා කරයි.
🔴 මකර ලග්නය
අවිවේකී ලෙස දවස උදා කරයි. එදිනෙදා ගමන් බහුල කරයි. සෙම් රෝගයකින් පීඩා අත් කරයි.
🔴 කුම්භ ලග්නය
අතමිට මුදල් ගැවසෙන දිනයකි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි.
🔴 මීන ලග්නය
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගනී. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.