අමනාප වූ කෙනක් එක්ක මිතුරුවීමට අවස්ථාව සලසන අද දවසේ මේ අයට වියදම් අධිකයි
🔴 මේෂ ලග්නය
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. ළඟම හිතවතෙකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදාකරයි. ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ.
🔴 වෘෂභ ලග්නය
විසිතුරු දේට ඇල්මක් දක්වයි. පවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසේ.
🔴 මිථුන ලග්නය
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. අමනාප වූ කෙනකු සමඟ මිතුරුවීමට අවස්ථාව උදාකරයි. සෙම් රෝග, හිසේ ආබාධ ආදියෙන් පීඩා අත්කරයි.
🔴 කටක ලග්නය
ගතට සිතට චංචලකාරි බවක් ඇති කරයි. වෙහෙස ඇති කටයුතු කිහිපයක් යෙදෙන දිනයකි. වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ.
🔴 සිංහ ලග්නය
ඇවිදිලි වැඩිකරයි. තීරණයක් වෙනස් කරයි. අසල්වැසි සුහදතාවයට හේතු ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.
🔴 කන්‍යා ලග්නය
ලැබීම් සහිතයි. අමතර වෙහෙසීම් අධික කරන කටයුතු කීපයක් යෙදේ. අමනාපවූ කෙනකු සමඟ මිතුරුවීමට අවස්ථාව උදා කරයි.
🔴 තුලා ලග්නය
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. වෙනදාට වඩා විනෝදයට කැමැති දිනයකි. ප්‍රීතිමත් ගමනක් යෙදේ.
🔴 වෘශ්චික ලග්නය
පැවැති වෙහෙසකාරී බව මඟහැරෙයි. ළඟම හිතවතෙකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරයි.
🔴 ධනු ලග්නය
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගනී. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි.
🔴 මකර ලග්නය
අඩුපාඩු කීපයක් මඟහරවා ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා වියදම් බහුල කරයි.
🔴 කුම්භ ලග්නය
ඉවසීමෙන් කටයුතු කරන්න. සැලසුමක් සාර්ථක කරයි. තීන්දු තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න.
🔴 මීන ලග්නය
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. වරින්වර ඇති කරන සෙම් අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි.