මධුසමයත් පැත්තකට දාලා ඕටී කරන්න දුවපු අතිකාල මනමාලයා

By Zara Apr 13, 2025 03:00 PM GMT
Report

මධුසමයට ගිය මනාලිය හෝටලයේ තනිකර දමා රාජකාරි ස්ථානයේ අතිකාල සේවය සඳහා ගිය මනාලයකු පිළිබඳ පුවතක් වාර්තා වුණා.

එය කලක පටන් පැවති පෙම් සබඳතාවයක් මත සිදු වූ මංගල්‍යයක් වන අතර, සතියේ සුබ දිනයක සුබ නැකතින් මංගල්‍යයේ කටයුතු සිදු කරනු ලැබීය.

පසුව සති අන්තයත් සමඟ තුන් දිනක් මේ යුවළ මධුසමය සඳහා දින වෙන් කර තිබුණා.

කෙසේ වෙතත් මංගල දාට පසු දින උදේ මනාලයාට දුරකතන ඇමතුමක් ලැබුණු අතර, ඇමතුම ගත පුද්ගලයා සඳහන් කර ඇත්තේ ඔහුගේ රාජකාරී ස්ථානයේ අතිකාල සේවයට නිලධාරියෙකුගේ අඩුවක් ඇති බවයි .

එය ඇසූ වහාම හිසේ මලක් පිපුණු මනාලයා මනාලියට චාටු බස් කියා ඉක්මනින් හැඳ පැළඳගෙන අතිකාල රාජකාරී සඳහා පිටත්ව ගොස් ඇති අතර සැන්දෑවේ ඔහු ආපසු එනතුරු මනාලිය හෝටලයේ කාමරයට වී හුදෙකලාවේ කුසගින්නේ කල් ගත කර තිබෙනවා.

දෙවෙනි ගමන යෙදුණු දවසේ මනාලිය සිය යෙහෙළියකට මේ බව හෙළි කිරීමෙන් පසු මනාලයා ගේ මධුසමයේ අතිකාල සේවය පිළිබඳ කතා පුවත කටින් කට යාම හේතුවෙන් අතිකාල මනාලයා යයි නමක් පට බැඳී ඇති බවත් සඳහන් වනවා.

මාස තුනට වෙඩි තැබීම් තිහක්

මාස තුනට වෙඩි තැබීම් තිහක්

දින දෙකෙන් අධිවේගයේ ආදායම කෝටි 10 පනී

දින දෙකෙන් අධිවේගයේ ආදායම කෝටි 10 පනී