දින දෙකෙන් අධිවේගයේ ආදායම කෝටි 10 පනී

Report

පසුගිය 11 සහ 12 යන දින දෙක තුළ අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 10 ඉක්මවා ඇති බව අධිවේගී මාර්ග අධ්‍යක්ෂවරයා පවසනවා.

ඉදිරි දින කිහිපය දී ද අධිවේගී මාර්ගයේ ආදායම ඉහළ යා හැකි බවයි ඔහු පවසන්නේ.

අපි බඩුමලු බෙදුවේ මැතිවරණයට.. මැයි 6න් පස්සෙ දීලා වැඩක් නෑනෙ - ඇමති සමන්තට මල පනී

අපි බඩුමලු බෙදුවේ මැතිවරණයට.. මැයි 6න් පස්සෙ දීලා වැඩක් නෑනෙ - ඇමති සමන්තට මල පනී

මේ අතර අධිවේගී මාර්ගයේ ගෙවීම් කටයුතු බැංකු කාඩ්පත් සිදුකිරීමේ අවස්ථාව මැයි 01 වනදා සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල්ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පසුගිය දා පැවසුවා.

එහි නියමු ව්‍යාපෘතිය පසුගිය 10 වනදා ආරම්භ වූ අතර, ඒ අනුව කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල දී රියදුරන්ට අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම් බැංකු කාඩ්පත් මඟින් ගෙවීමට හැකියාව පවතිනවා.

මාස 5කට ආණ්ඩුව ට්‍රිලියන 6ක ණයක් අරන්..

මාස 5කට ආණ්ඩුව ට්‍රිලියන 6ක ණයක් අරන්..