"වැල්ලෙත් බඹර කැරකෙන හැම අතින්ම වාසනාව ගෙන දෙන ප්‍රබල ග්‍රහයෝගයක්.." - බලන්න ඔයාගෙ ලග්නයටත් අද කොහොම වෙයි ද කියලා.
මේෂ ?
අද ඔබට ඉතාම ශුභයි.කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. රූප ශෝභාව සහ උසස් ගතිගුණ ඇතිකරයි. ප්‍රතිපත්ති ගරුක අවංක අදහස් ඉස්මතු වී අන්‍යයන්ගේ ගෞරවය දිනා ගනී.
වෘෂභ ?
අද ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි. ඔබටත් උසස් සිතුවිලි ඇති වේ.සැප සම්පත් ලැබීමට වාසනාව තිබේ. අද ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.
මිථුන ?
අද ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ.අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය.
කටක ?
අද ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. සංගීතයට සහ කලාවට ප්‍රිය කරයි.
සිංහ ?
සිංහ ලග්න හිමි ඔබට අද යහපත් ප්‍රථිඵල ලැබෙයි.දියුණුවක් ලැබෙයි. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක් වේ.අන්‍යයන්ගේ ගෞරවය දිනා ගනී. ධන යෝගයක් ද ඇත.
කන්‍යා ?
ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ.
තුලා ?
තුලා ලග්න හිමි ඔබට අද එතරම් යහපත් නොවේ. හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය.
වෘශ්චික ?
විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ. ප්‍රතිපත්ති ගරුක අවංක අදහස් ඉස්මතු වී අන්‍යයන්ගේ ගෞරවය දිනා ගනී.
ධනු ?
ඔබ අද අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය ආහාර අරුචිය විය හැකි නිසා පැණි රස, තෙල් බැදුම් ආශ්රිත ආහාර රුචි විය හැකියි. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය.සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.
මකර ?
ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. අවංක අදහස් ඉස්මතු වී අන්‍යයන්ගේ ගෞරවය දිනා ගනී. බාහිර අලංකාරයට හා විනෝදයට සිත ඇදී යයි.
කුම්භ ?
ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ.අවංක අදහස් ඉස්මතු වී අන්‍යයන්ගේ ගෞරවය දිනා ගනී.
මීන ?
දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට වැඩි ඉඩක් ඇත.සංගීතයට සහ කලාවට ප්‍රිය කරයි. ධන යෝගයක් ද ඇත.
