මාර්ග නීති කැඩූ පොලිස් ඇමතිගේ පුතා..ඔහු වරද පිලිගනී.. පොලීසියම ගොස් දඩය ගෙවා එයි...

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුත්‍රයාට රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් දඩයක් නියම කිරීමේ පුවතක් වාර්තා වනවා.

අදාළ තරුණයා එලෙස රථවාහන දඩයකට ලක්ව ඇත්තේ, මහනුවර බලා ගමන් කරමින් සිටියදී ගලගෙදර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් පසුකර යෑමට උත්සාහ දැරීමේ දී සුදු ඉර කැපීම හේතුවෙනුයි.

මෙහිදි අමාත්‍යවරයාගේ පුත්‍රයා වරද පිළිගෙන ඇති අතර, ඔහුට දඩ කොළයක් ලබාදීමට රථ වාහන පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

මාර්ග නීති කැඩූ පොලිස් ඇමතිගේ පුතා..ඔහු වරද පිලිගනී.. පොලීසියම ගොස් දඩය ගෙවා එයි... | Tiran Alles Son Traffice Case Galagedara Area

අදාල අවස්ථාවේදී, අමාත්‍යවරයාගේ පුත්‍රයා දඩ කොළය ගෙවීමට ආසන්නතම තැපැල් කාර්යාලය කුමක් දැයි විමසා ඇත. එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී තමා ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා බව ඔහු දන්වා තිබේ.

පසුව කලබලයට පත් වූ පොලිස් නිලධාරීන් තමා කවුරුන්ද යන්න කලින් නොකිවේ ඇයි දැයි පවසා, රු 1,100ක මුදලක් රැගෙන තැපැල් කාර්යාලයට ගොස් දඩය ගෙවා රිසිට්පත හා රියදුරු බලපත්‍රය අමාත්‍යවරයාගේ පුත්‍රයා වෙත ලබාදී තිබෙනවා.