භාණ්ඩාගාරේ ඩො.මි. 2.5 ගැන පැමිණිල්ල කළේ රංග නෙමෙයි..දානේ ඉවර වුණ ගමන් ඥාතීන් ඇවිත් පැමිණිලි කරනවා - නලින්ද අනතුරු අඟවයි
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අහිමිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණේ රංග රාජපක්ෂ නොව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර ඇත.
ඒ අනුව අද (05) දින පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැවැති හදිසි විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
රටම කැළඹූ භාණ්ඩාගාර නිලධාරීයාගේ මරණය ගැන ආන්දෝලනාත්මක රහස් රැසක් - මරණය සැක බවට බිරිදගෙනුත් පැමිණිල්ලක්
"පැමිණිල්ල කළේ මේ නිලධාරියා කියලා කිව්වා. ඇත්තටම පැමිණිල්ල කළේ ලිඛිතව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා. අනික් කාරණය තමයි මේ මරණය සැක කටයුතුයි කියලා බිරිඳ කියන එක. මේ සම්බන්ධයෙන් දැන් පාර්ලිමේන්තුවේ නැති දෙදෙනෙකු ප්‍රකාශ කරලා තිබුණා මාධ්‍ය හරහා. ඒ අය සම්බන්ධයෙන් නීතිමය කටයුතු ආරම්භ කරනවා. ඒ ප්‍රකාශ ගැන රංග රාජපක්ෂ මහත්තයාගේ ඥාතීන්ට ප්‍රශ්නයක් තියෙනවා. බරපතළ කම්පනයක් තියෙනවා මේ කියන ප්‍රකාශය ගැන. අද බණ හෙට දානය. ඊට පස්සේ ඥාතීන් ඇවිත් ඒ කියපු අයට එරෙහිව පැමිණිලි කරනවා. මේකත් එක්ක මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරනවා. මම කියනවා ඔබට පුළුවන්නම් ඔප්පු කරන්න මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලේකම් ධුරය දරන කාලයේ හෝ නියෝජ්‍ය ඇමති ධුරය දරන කාලය හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරන කාලයේ ද්විත්ව පුරවැසියෙක් බවට පුළුවන් නම් ඔප්පු කරන්න"