ශරීරයේ රහස් පෙදෙසේ ඡායාරූප පෙන්වමින් කාන්තාවකට ඇරයුම් කළ ක්‍රීඩකයා සමාජ මාධ්‍ය කළඹවයි (PHOTOS)

By Sewvandhi Nov 29, 2021 08:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 කෙතෙක් නින්දා වැහි වැගිරුණ ද බිරියගේ සෙනෙහස එසේ ඔහු අතහැර ගලා ගියේ නැත. එසේ ගලා යනවා වෙනුවට ටිම් පේන්ගේ බිරිය ටිම් පේන් හා එක් ව සිටගත්තා ය. ටැස්මේනියා අහස මතු නොව සමස්ත ගෝලීය අහස් ගංගාව ම කැළඹී, රෝෂයෙන් කළු ගැහී නින්දා, අපහාස, උපහාස වගුරවන්නට විදුලි රේඛා අඳිමින් සිටිය දී ඈ ඔහුගේ අත අල්වා ගෙන ඒ් මහා භීම සමාජ කුණාටුවට මුහුණ දෙමින් සිටින්නී ය. බිරියක් යනු වරෙක සැමියාගේ අම්මා ය, හොඳම මිතුරිය ය, එසේ නැත හොත් සහෝදරිය ය.

මෙකී නොකී විවිධ භූමිකා අවස්ථානුකූල ව නිරූපණය කරන බාරිය යනු නිවෙසේ ලක්ෂ්මී දේවිය සේ අතීතයේ පෙරදිග සමාජය පිළිගත්තේ එහෙයිනි. මොකක්ද මේ පේන් ගේ අර්බුදය අප මෙම අටුවා ටීකා ලියද් දී මෙම ලිපිය කියවන ඔබට ටිම් පේන් මුහුණ දුන් ඔහුගේ බිරියගේ සෙනෙහස දෝරෙ ගැලූ සංසිද්ධිය කුමක්දැයි ඇතැම් විට කුකුසක් හටගන්නට පිළිවන. එය කොටින්ම කියන්නේ නම් ඒය පේන් සිය ජීවිතය තුළ සිදු කළ අසභ්‍ය ක්‍රියාවලීන් කීපයක් සම්බන්ධයෙන් හටගත් සමාජ ආන්දෝලනයකි.

මෙම අසභ්‍ය ක්‍රියාවලිය වනුයේ ඔහු සිය ජංගම දුරකථනය මඟින් එක්තරා කාන්තාවකට සිදු කළේ යැයි කියන ලිංගික අපහරණ ක්‍රියාවලියකි. අදාළ සිද්ධිය සිදුව තිබුණේ 2017 දී ය. ටැස්මේනියා ක්‍රිකට් ආයතනයේ සේවය කළ කාන්තාවකට මෙසේ කාමුක කෙටි පණිවිඩ යැවීමට ටිම් පේන් කටයුතු කර තිබුණේ ය.

මෙම සිද්ධිය කලකට පසු ව මතුවීමත් සමඟ තමන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන බව ටිම් පේන් ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් පවත්වමිනි. එම මාධ්‍ය හමුව ඔහු හෝබාර්ට් හි දී සංවිධානය කර තිබිණි. මෙම සිද්ධිය පළමු වරට සමාජය තුළ කතිකාවට ලක්වීමත් සමඟ සිය නිහඬතාව බිඳ ලූ පේන් ගේ බිරිය බොනී,

“ඒ් බව දැනගත්තාට පස්සේ මම දැඩි වේදනාවකට පත්වුණා. මට ඒ්ක දැනුණේ මහා ද්‍රෝහිකමක් කියායි. මම ගොඩාක් මානසිකව වැටුණා. කොහොම වුණත් මට ඔහු ගැන කෘතඥතාවක් තිබෙන්නේ ඔහු මේ ගැන මට අවංක වුණා. ඔහු ඒ් සිදුවුණු දේ මට පවසලා තිබුණා.” යැයි පවසා තිබුණේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තමන් අවසන තම සැමියාට සමාව ලබා දුන් බවත් පසු කාලීනව අදාළ සංසිද්ධිය යළි මාධ්‍ය ඔස්සේ මතුවීම සම්බන්ධයෙන් තමන් තුළ දැඩි කනගාටුවක් හා අපහසුතාවක් පවතින බවත් ඈ තවදුරටත් පවසන්නීය. තමන් ඒ සම්බන්ධයෙන් දැනගත්තේ 2018 වසරේ දී බවත් ඉන් අනතුරුව දෙදෙනා අතර අර්බුදයක් ගොඩනොනැඟෙන ආකාරයෙන් සියල්ල සමථයකට පත්කර ගැනීමට බිරිය වශයෙන් තමන්ට හැකිව තිබූ බවත් ඈ ප්‍රකාශ කරන්නී ය.

අදාළ සමාජ අපවාද පිළිබඳ අදහස් දක්වා ඇති ටිම් පේන් තමන් එකී සංසිද්ධිය සමාජයේ කතිකාවට ලක්වන තත්ත්වයට පත්වූ ආකාරය හේතුවෙන් දැඩි අපහසුවකට පත්ව ඇතැයි පවසා තිබුණේ ය. එම ප්‍රවෘත්තිය එසේ බාහිර සමාජයට කාන්දු වූ ආකාරය ගැන තමන්ට තේරුම් ගැනීමට නොහැකි බව කියා ඇති ඔහු යම් දිනෙක අදාළ සිද්ධිය ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලියක් අභිමුව සමාජය තුළ සංවාදයට ලක්වනු ඇතැයි යන්න ගැන බියක් හා සැකයක් තමා තුළ පැවැති බව ද ප්‍රකාශ කළේ ය.

එය මීට පෙරද එවැනි ප්‍රධාන තරගාවලියකට පෙර හා වසරේ තරග කාර්තුව ආරම්භ වීමට ප්‍රථම මෙසේ මතුපිටට ඒමට අවස්ථා ගණනාවක් උත්සාහ ගත් බව ද ඔහු සිහිපත් කර තිබිණි. තමන් අදාළ සිදුවීම් මාලාව තම බිරියට දැනුම් දුන් ආකාරය ගැන ද මෙහි දී පේන් කතා කිරීමට අමතක කර තිබුණේ නැත. “ඒ්ක තමයි අමාරුම දේ වුණේ. මම මගේ ජීවිතයේ කරපු අසීරුම දේ තමයි මගේ බිරියට මේ සිද්ධිය ගැන කියන එක.”

“මෙවැනි සිද්ධියක් සිදුවුණාට පස්සේ මම හැසිරුණු ආකාරය එක්ක අපේ පවුල තවත් ශක්තිමත් වුණා. අපි අතර බැඳීම් දැඩි වුණා කියන එක තමයි ඇත්ත. ඒ්ත් ඒ සිද්ධිය අහපු මුල්ම අවස්ථාවේ මාව ගල් වුණා. මට දැනුණේ මහා ද්‍රෝහිකමක් මට සිද්ධ වෙලා තියෙනවා කියලා. නමුත් ක්‍රමක්‍රමයෙන් මට පේන් ගැන අනුකම්පාවක් ඇතිවුණා.” ඇය පවසන්නී ය.

තමන් පැය දහ අටක කාලයක් ටැස්මේනියා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ කාන්තාව සමඟ ලිංගික කරුණු සම්බන්ධ කර ගනිමින් කෙටි පණිවිඩ හුවමාරු කළ බව ටිම් පේන් සිය බිරිය අභිමුව පාපොච්චාරණය කර තිබුණේ ය.

“මේ මොහොතේ මට පේන් ගැන තියෙන්නේ අනුකම්පාවක්. ඒක ගොඩාක් ලොකු අනුකම්පාවක්. ඔහු යි මමයි 2018 ඉඳලා මේ වෙනතුරුම මේ සිද්ධිය රහසක් කරගෙන සිටියා. ඒක දැන් ගොඩාක් අමාරුයි.” ඈ  පුවත්පතකට පවසා තිබේ.

පේන් මෙලෙස අදාළ කාන්තාවට යැවූ අසභ්‍ය කෙටි පණිවිඩ අතර සිය පුරුෂ ලිංගයේ ඡායාරූප ද වන බව මේ වන විට හෙළිදරවු වී ඇත. කෙසේ නමුත් මෙම සියලු කෙටි පණිවිඩ ඔහු යවා තිබුණේ තමන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්යට පත්කිරීමට මොහොතකට පෙරදී බව අනාවරණයව අවසන් ය.

“ඔබට මා එක්ක ලිංගිකව එක්වෙන්න කැමැත්තක් නැද් ද? මට ඔයාව ගොඩාක් උවමනායි.” වැනි භාවිත කළ නොහැකි අසභ්‍ය ලිංගික කරුණු මඟින් පේන් සිය කෙටි පණිවිඩ යොමුකර තිබුණු බව දැනට හෙළිදවු වී තිබේ. අදාළ සංසිද්ධියට මැදි වූ අනික් පාර්ශ්වය විසින් පේන්ගේ මෙම කෙටි පණිවිඩ පිටපත් සියලු මාධ්‍ය වෙත යොමු කර තිබූ බව 2018 වසර වන විට අනාවරණය විණි. එහෙයින් අදාළ සිද්ධිය පිළිබඳ මාධ්‍ය ආයතන විසින් කාලයක් තිස්සේ තමන්ගෙන් ප්‍රශ්න කරමින් සිටි බවත් අවසානයේ මේ ආකාරයෙන් එකී පුවත පළ කිරීමට ඔවුන් කටයුතු කර ඇති බවත් ටිම් පේන් ප්‍රකාශ කළේ ය.

“අපි එක්තරා දිනයක පෞද්ගලික ව සමීප ව ඉන්න මොහොතක තමයි මට ඔහු මේ කතාව මුලින්ම කිව්වේ. ඒක අහපුවම මට පුදුම විදිහට කේන්තියක් ආවා. මොකද අපිට ඒ් වෙද්දිත් පුංචි දියණියක් ඉන්නවා. ටිම් පේනුයි මමයි අතර දීර්ඝ සම්බන්ධතාවක් තිබුණා. ඒක අවුරුදු දහ-යක් විතර පැවතිච්ච එකක්. ඒක ගොඩාක් ගැඹුරුයි, විවිධ හැලහැප්පීම් නොතිබුණාත් නොවෙයි. අන්තිමට මේ කතාව ඇහුවාම මම ගල් බීත වුණා.” ඈ පවසන්නී ය.

කෙසේ නමුත් අදාළ සිද්ධිය ටිම් පේන් විසින් පාපොච්චාරණය කළ ආකාරයත් එම සිදුවීම කළමනාකරණය කර ගත් අයුරුත් සම්බන්ධයෙන් තමන් තුළ දැඩි ප්‍රසාදයක් ඇතැයි ද බොනී පවසන්නී ය. හිටපු විශිෂ්ට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු වන ෂේන් වෝන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ පෙනී ගේ ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය දැන් අවසන්ව ඇති බවයි.

ඒ් අනුව ඉදිරියේ දී දියත්වන අළු බඳුන ක්‍රිකට් තරගාවලියට ඔහුගේ ස්ථානය අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ඔහු ප්‍රකාශ කර තිබේ. එයට හේතු වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ පේන් අදාළ සිද්ධිය හෙළිදරවු වෙතැයි දැඩි සැකයකින් යුතුව පසුවූ බව ඔහුගේ දක්ෂතා අවප්‍රමාණයවීමෙන් ප්‍රකට වන බවයි.

“මේ වගේ තත්ත්වයක දී මිනිස්සු අහනවා ටිම් පේන් තවදුරටත් ටෙස්ට් කණ්ඩායමේ වගකීමක් දරන්න සුදුසුද කියලා.” ෂේන් වෝන් පවසන්නේ ය.

“මෑතකදී තිබුණු හැම තරගාවලියක දී ම ඔහු තමන් තුළ පැවති චකිතය අපට හෙළිදරවු කළා. ඔහු පසුගිය ග්‍රීෂ්මයේ ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ යොදාගත්තු උපක්‍රම වගේම ඔහුගේ ක්‍රීඩා භූමිකාව ප්‍රශ්නයක් වුණා. ඒ දිහා බලා හිටපු හැමෝටම හිතුණේ ඔහුගේ කාලය ඉවර වේගෙන එනවා කියලයි.” යැයි ද වෝන් පවසයි.

“ඔහුගේ අත්ආවරණ වගේම පිති හරඹයේ දක්ෂතා එතරම් විශිෂ්ටයි කියන්න බෑ. අපිට මැතිව් වේඩ්, ඇලෙක්ස් කැරී සහ ජොස් ඉනග්ලිස් වගේ හුඟාක් ආක්‍රමණශීලිව අංක හත ස්ථානයේ ක්‍රීඩා කරන්න හැකි කඩුලු රැකවලුන් ඉන්නවා.” යැයි ද ෂේන් වෝන් පෙන්වා දෙයි.

“පසුගිය සිකුරාදා මෙම පුවත ජනමාධ්‍ය තුළ මහා කැළඹීමක් ඇති කිරීමත් සමඟ මාධ්‍ය හමුවක් කැඳවූ ටිම් පේන් හැඬූ කඳුළින් යුතුව සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ ය. තමන් සියල්ලන්ගෙන්ම මේ සම්බන්ධයෙන් සමාව භජනය කරන බව ද ඔහු කියා සිටි‌යේ ය.

“ඒක පුදුමාකාර විදි-හට අමාරු තීරණයක්. නමුත් මගේ පැත්තෙන්, මගේ පවුලේ හා ක්‍රිකට් ක්‍රීඩාවෙ පැත්තෙන් එය නිවැරැදියි.” ටිම් පේන් එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.

මේ අතර ටැස්මේනියා ක්‍රිකට් ආයතනයේ සේවය කළ අදාළ කාන්තාව පෙනී දැන සිටියේ ඔහු ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කරන සමයේ සිට යැයි ද කියැවෙයි. අදාළ සිදුවීමට මැදි වීමෙන් අනතුරුව මෙම කාන්තාව විසින් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට හා ටැස්මේනියා ක්‍රිකට් ආතනයට ලිඛිතව පැමිණිලි කර තිබිණි.

එසේම ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම-ටද අදාළ කෙටි පණිවිඩ සම්බන්ධයෙන් ඇය දැනුම් දී තිබිණි. ඇය තවදුරටත් පවසා තිබුණේ ටිම් පේන් කිසිදු ආකාරයකින් පිළිගත නොහැකි ආකාරයට ලිංගේන්ද්‍රියේ ඡායාරූප හා ලිංගිකත්-වය උලුප්පන ආකාරයේ චිත්‍ර යොමු කිරීම සිදු කිරීමට චෝදනා ලාභියා බවයි.

“2017 වසරේ මම කරපු දේවල් කිසිසේත්ම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයකුට උචිත දේ නොවෙයි. වෙනකක් තබා සමාජමය වශයෙන් සැලකුවත් එය සුදුසු නෑ. මම හදවතේ ගැඹුරින්ම මේ ගැන කනගාටු වෙනවා. මම මගේ බිරියට, පවුලට සහ අනික් පාර්ශ්වයට මේ සම්බන්ධයේ මා තුළ ඇති වේදනවා, කනගටුව ප්‍රකාශ කරන්න කැමතියි. අපේ ක්‍රීඩාවට මේ සිද්ධියෙන් සිදුවුණු හානියට මම කටයුතු කරනවා.” ටිම් පේන් වැඩිදුරටත් පවසා තිබිණි.

ටිම් පේන්ට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ නායකත්වය හිමි වුණේ ස්ටීවන් ස්මිත් පන්දුව පළුදු කළ බවට පිළිගැනීමෙන් අනතුරුව ඔහු හා උපනායක ඩේවිඩ් වෝනර් හා කැමරන් බැන්ක්‍රොෆ්ට් තරග තහනමකට ලක්කිරීමෙන් අනතුරුව ය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery