ගෙවල් ඉස්සරහට ගිහින් කෑගැහුවම ඔය වගේ දේවල් වෙනවා - ඊයේ රටම කතා කළ අසූචි ප්‍රහාරය ගැන ටිල්විනුත් කට අරී

Report

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පිරිසකට අසූචි ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස් පළ කර තිබෙනවා.

ඒ අද(29) දින පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්. එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ ඕනෑම පුද්ගලයෙකුගේ නිවසක් ඉදිරිපිටට ගොස් කෑගැසීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවයි.

එමෙන්ම පුද්ගලික නිවාස ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමට කිසිදු අයිතියක් නොමැති බවත්, යම් පුද්ගලයෙකු තවකෙකුගේ නිවසක් ඉදිරිපිට කෑගසන විට එම ගම්වල මිනිසුන් ඊට ඉඩ ලබා නොදෙන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

රටම හිනා වුණාට ගොම ගහලා තියෙන්නේ සුගීශ්වරට නෙවෙයි? හර්ෂණ සූරියප්පෙරුමගේ ගෙදරටලු - ගොම කාගෙන සුගීශ්වර කට අරී

රටම හිනා වුණාට ගොම ගහලා තියෙන්නේ සුගීශ්වරට නෙවෙයි? හර්ෂණ සූරියප්පෙරුමගේ ගෙදරටලු - ගොම කාගෙන සුගීශ්වර කට අරී

එහිදී අදාළ පාර්ශවයන්ගේ දේශපාලන පක්ෂය කුමක් වුවත්, මිනිසුන් එවැනි ක්‍රියාවලට විරෝධය දැක්වීම ස්වභාවික බව ඔහු පෙන්වා දෙයි.

තවද රජයේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතී නම්, ඒ සඳහා අදාළ ආයතන සහ අමාත්‍යාංශ පවතින බවත්, විරෝධතා දැක්විය යුත්තේ එවැනි ස්ථානවල බවත් ඔහු සඳහන් කර ඇත.

තම පක්ෂය දහස් ගණන් ජනතාව සමඟ උද්ඝෝෂණ සිදු කළ ද, කිසිවිටෙකත් පුද්ගලික නිවාස ඉදිරිපිටට නොගිය බව ඔහු සිහිපත් කළ අතර සමාජ මාධ්‍ය හරහා මුහුණ පෙන්වමින් ජනප්‍රිය වීමට උත්සාහ කරන පිරිස් මෙවැනි "මන්ද මානසික" ක්‍රියාවල නිරත වන බවට ද ඔහු චෝදනා කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් දැඩි දැනුම්දීමක්?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් දැඩි දැනුම්දීමක්?

එමෙන්ම දහපහළොස් දෙනෙකු රැගෙන ගොස් මෙවැනි දේ කිරීම තමන්ට කිසිසේත්ම අදාළ නොවන බවද පැවසූ ටිල්වින් සිල්වා මහතා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තම පක්ෂයට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප ක‍ර ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එවැනි ස්ථානවලට යන පුද්ගලයන් එම අත්දැකීම්වලට මුහුණ දීමට සූදානම් විය යුතු බවයි.

තවද මෙම ප්‍රහාරයෙන් විරෝධතාවයට පැමිණි පුද්ගලයාට සෘජුවම පහරක් වැදී නොමැති බවට තමා දුටු බවද ටිල්වින් සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කරළියට

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කරළියට