ආයේ කිසි බාධාවක් නැතුව මෙයාලට TikTok පාවිච්චි කරන්න පුළුවන් - සුබ ආරංචියක්
වසර ගණනාවක් පුරා අමෙරිකානු රජය සහ TikTok සමාගම අතර පැවති නීතිමය සහ දේශපාලනික ගැටුම නිමා කරමින්, TikTok හි මව් සමාගම වන චීනයේ ByteDance සමාගම සිය අමෙරිකානු ව්‍යාපාරික මෙහෙයුම්වල බහුතර කොටස් අලෙවි කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය TikTok ප්‍රධාන විධායක නිලධාරී ෂෝ සූ චව් (Shou Zi Chew) සේවකයින් වෙත නිකුත් කර ඇති බවයි.
මේ අතර මෙම ගනුදෙනුව ජනවාරි 22 වන දින අවසන් වීමට නියමිතව ඇත. කෙසේ වෙතත් මේ අනුව ByteDance සමාගම සියයට19.9, Oracle සමාගම සියයට 15, Silver Lake සමාගම සියයට 15, MGX (අබුඩාබි පදනම් කරගත් ආයෝජන ආයතනය) සියයට 15 සහ අනෙකුත් ආයෝජකයින් සියයට 30.1 (ByteDance හි වත්මන් ආයෝජකයින්ගේ අනුබද්ධිත ආයතන) වශයෙන් නව හවුල්කාරීත්ව බෙදී යනු ඇති බව වාර්තා වේ.
එසේම අමෙරිකානු පරිශීලකයින්ගේ දත්ත කළමනාකරණය සහ ආරක්ෂාව මෙතැන් සිට Oracle සමාගම මඟින් මෙහෙයවනු ලබන පද්ධතියක් ඔස්සේ සිදු වේ.
එමෙන්ම TikTok හි විශේෂිත නිර්දේශිත ඇල්ගොරිතමය (Algorithm) අඛණ්ඩව භාවිත කිරීමට Oracle සමාගම බලපත්‍ර ලබා ගනු ඇති බව ද සඳහන්.
2024 අප්‍රේල් මාසයේදී ජෝ බයිඩන් පාලන සමයේදී අමෙරිකානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් TikTok තහනම් කිරීමේ පනතක් සම්මත වී තිබුණා.
පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එම තහනම ක්‍රියාත්මක කිරීම කිහිප වරක් ප්‍රමාද කළ අතර, චීන ජනාධිපති ෂී ජින්පිං සමග පැවති සාකච්ඡාවලින් පසුව මෙම විකිණීමේ ගිවිසුමට දෙරටේම එකඟතාව හිමිව ඇත.
ඒ අනුව මෙම ගනුදෙනුව හරහා අමෙරිකානු පරිශීලකයින් මිලියන 170කට වඩා වැඩි පිරිසකට කිසිදු බාධාවකින් තොරව TikTok භාවිත කිරීමේ අවස්ථාව හිමිවන බව පවසයි.