ටික් ටොක් (Tik-tok) ලොව සියල්ල අභිබවා පෙරමුණට ආපු හැටි මෙන්න...
පසුගිය 2020 වසරේ ලොව වැඩිම බාගත කළ මෘදුකංග යෙදවුම චීන බයිට් ඩාන්ස් සමාගමේ ටික් ටොක් බව ඩිජිටල් යෙදවුම් පිළිබඳ විශ්ලේෂණ ආයතනයක් ඊයේ නිවේදනය කළා.
එමගින් 2018 වසරේ සිට ලොව වැඩිම බාගත කළ මෘදුකාංග යෙදවුම් ප්‍රකාශයට පත්කරන අතර මෙතෙක් එහි මුල් තැන හිමිව තිබුණේ ෆේස්බුක් - මැසෙන්ජර් යෙදවුමටයි.
චීන විඩියෝ හුවමාරු යෙදවුමක් වන ටික් ටොක් මෙවර ද එම ලයිස්තුවේ පළමු යෙදවුම් 5 ට ඇතුළත් ෆේස්බුක් සාමගම සතු නොවන එකම යෙදවුමයි.
කෙසේ නමුත්, ෆේස්බුක් , වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම්, සහ මැසෙන්ජර් යන ෆේස්බුක් සමාගම සතු යෙදවුම් වඩාත්ම බාගත කළ යෙදවුම් ලැයිස්තුවේ මුල් ස්ථාන 5 ට ඇතුළත්.
පසුගිය වසරේදි ලොව පුරා රටවල් රැසක ජනප්‍රිය මෘදුකාංග යෙදවුමක් වන ටික් ටොක් හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඒ රට තමනම් කිරිමේ නියෝගයක් නිකුත් කළා.
එහෙත් ඉන් පසුවද ටික්ටොක් යෙදවුමේ ජනප්‍රියත්වය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ නමුත් වත්මන් ජනපති ජෝ බයිඩ්න්ගේ පරිපාලනය විසින් ඇමරිකාව තුළ ටික්ටොක් තහනම ඉවත් කර තිබෙනවා.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
