ටික් ටොක් කිරිසමන් අවුරුදු 11 ක දැරියක් අපයෝජනය කරයි.. මිතුරාත් සම්බන්ධයි.. සියලු විස්තර (PHOTOS)

srilanka child harresment Tik tok kiri saman
By Sithumi Jan 15, 2022 03:57 PM GMT
Sithumi

Sithumi

Report

Tik tok කිරි සමන් ලෙසින් සමාජ මාධ්‍යය තුළ තුල ප්‍රසිද්ධ ඕශක නිරාන් (22) නැමති තරුණයා අවුරුදු 11 ක දැරියක් අපයෝජනය කර බන්ධනාගාර ගත වී ඇති බව එක්සහ් මානව හිමිකම්  සංවිධානය කියයි.

ඔහුගේ මිතුරකු වන මොහාන් ද මෙම ගැහැණු ළමයාව අපයෝජනය කර ඇති බවට තවදුරටත් එම සංවිධානය පවසන අතර මෙම දැරියගේ දෙමව්පියන් දෙදෙනාම ගොළු පුද්ගලයන්‍ බවද කියයි ඒ පිළිබඳව එක්සත් මානව හිමිකම් සංවිධානය සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබූ සටහන් පහතින්

උපුටා ගැනීම -  වයස අවු 11ක ගැහැණු ළමයෙකු අපයෝජනය කර ඇති ඕෂක නිරාන් (TIK TOK කිරි සමන් ) (22) අද 2022/01/15 බන්ධනාගාරගත කර ඇති බව කියැවේ. ඔහුගේ මිතුරෙක් වන මොහාන්ද (21) මේ ගැහැණු ළමයාව අපයෝජනය කර ඇත. මෙම ළමයාගෙ මව හා පියා ගොළු පුද්ගලයන්‍ ය.

කිරි සමන් දෙසැම්බර් මස දිනෙක මධ්‍යම රාත්‍රියේ ගොළු දෙමව්පියන්ගේ මෙම 11 හැවිරිදි ගැහැණු ළමයාව නිවසින් පිට කරවාගෙන සාදයකට ගෙන ගොස් පහුවදා අළුයම නිවසට හැරලවා ඇති බවත් ,ඊට පසුවද දෙතුන් වතාවක් මෙම කුඩා දැරියව නිවසින් පිට කරවා ගෙන ගොස් ඇති බවත් ඒ අතර ජනවාරි 01දා නිවසින් පිට කරවා ගෙන ගොස් ඇති මෙම දැරියව 02දා සවස යළි නිවසට එවා ඇති බවත් ඒ කාළය තුළදී ඔහුගේ මිතුරු මොහාන් (21) ලවාද මෙම ගැහැණු ළමයාව අපයෝජනය කර ඇති බවත් කියැවේ.

මෙම ළමයාට මත්ද්‍රව්‍ය පොවා අපයෝජනය කර ඇති බවත් කියැවේ. මෙම සිදුවීමට තවත් (19 හා 23 හැවිරිදී ) තරුණියන් දෙදෙනෙක්ද සම්බන්ධ බව කියැවේ. මේ අයව අද (2022/01/15) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2022.01.19 දින තෙක් බන්ධනාගාරගත කර ඇත. TIK TOK මේ වන විට ළමයින්ගේ මාරයෙක් වී ඇති බව පෙනේ. වහාම ක්‍රියාත්මක වන පරිදි TIK TOK අත් හිටුවිය යුතු තත්වයක පවතී

. TIK TOK කිරීමට පාසැල් නිළ ඇදුමෙන් ගිය සිසුවියක් අපයෝජනයට ලක්වී අද මුල්ලේරියාව රෝහලේ සිටිනා බවද වාර්ථා වී ඇත. වගකිවයුතු සියළු දෙනාගේ අවධානය මේ පිළිබඳව යොමුවිය යුතුය. කාළයෙන් කාළයට අපේ ළමයින්ව ගිල දැමීමට එන මාරයන් ගැන දෙමව්පියන්ද අවබෝධයෙන් හා අවදානයෙන් සිටිය යුතු අතර , ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙන්ම ළමයින් වෙනුවෙන් සේවය කරනවා යැයි කියනා ආයතන , සියළු සිවිල් සංවිධාන විසින් සමාජය දැනුවත් කිරීමෙහි පුළුල් දීර්ගකාලීන ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ යුතුමය.

එක්සත් මානව හිමිකම් සන්විධානය 070 5050606

Content - Ganana 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery