වැඩිපුරම කොටි ඉන්නේ ලංකාවේ
ලෝකයේ වැඩිම කොටි ගහණ ඝනත්වයක් සහිත වනාන්තර අතරින් දෙවන ස්ථානය කුමන ජාතික වනෝද්‍යානයට හිමිවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ වනජිවි පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයකදී අනාවරණයවී තිබේ.
කුමන ජාතික වනෝද්‍යානයේ වර්ග කිලෝමීටර් සියයක ප්‍රදේශයක් තුළ කොටි හතළිස් එකක් පමණ වාසය කරන බවත් දත්තයන්ට අනුව කුමන ජාතික වනෝද්‍යානය ලොව දෙවැනියට වර්ග කිලෝමීටර් සියයක් තුළ වාර්තා වන වැඩිම කොටි ගහණ ඝනත්වය සහිත වනෝද්‍යානය බවට හෙළිවන බවත් පර්යේෂකයෝ පවසති.
මෙම පර්යේෂණයේදී, කොටියන්ගේ ගහණ ඝනත්වයට අමතරව, ඔවුන්ගේ අවකාශීය පිහිටුවීම මෙන්ම සක්‍රීය කාල රටාව සම්බන්ධයෙන්ද මෙම පර්යේෂකයන් අවධානය යොමුකර ඇත. මෙරට වනාන්තරවල වෙසෙන බිලාලයන් අතරින් විශාලතම බිලාලයා වන ශ්‍රී ලංකා කොටියා (Panthera Pardus Kotiya ) මෙරට දැඩි තර්ජනයට ලක්ව ඇති උප විශේෂයක් වන බැවින් මෙම පර්යේෂණ දත්ත ඔවුන් සංරක්ෂණ සඳහා සංරක්ෂණවේදීන්ට පිටිවහලක් වියහැකි බවත් පර්යේෂකයෝ පැවැසූහ.
එමෙන්ම මෙරට වෙනත් වනාන්තරවලට සාපේක්ෂව කුමන වනෝද්‍යානය ආශ්‍රීතව කොටි ගහන ඝනත්වය වැඩිවීමට කොටියන් තම වාසස්ථාන තෝරා ගැනීමේදී ජල ප්‍රභව හා ගල් කඳු සහිත ස්ථාන තෝරා ගැනීම හේතුවී ඇති බව පෙන්වාදුන් පර්යේෂකයන් කියා සිටියේ ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවන් සඳහා කුළු මීමන් හා මුවන්ගේ ව්‍යාප්තිය සලකා බලන බව මෙම පර්යේෂණයේදී අනාවරණය වු බව පෙන්වා දුන්නේය.
මෙම පර්යේෂණය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යන අංශයේ වනජිවි පර්යේෂකයන් වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දර්ශණි මහඋල්පත, ආචාර්ය දුලාන් ජයසේකර, පසිඳු රුද්‍රිගෝ, චානිමා අනවරත්න, හිරුණි වීරසිංහ, අජිත් කුමාර, චරණි ගුණතිලක, සචිනි සිගේරා, පවන් විශ්මිත්, විනුරි මෙන්ඩිස්, තරංගා ධනංජනී, වසන්ත දිසානායක හා ඩිලන්ත සමරනායක විසින් සිදුකර ඇත.
