20 සහ 29 අතර හෝදිසියෙන් ඉන්න... නැතිනම් කන්තෝරුවට යන්න
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නිල ඡන්ද පත්‍රිකා අද (16) දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
තැපැල්පති රුවන් සත්කුමාරට අනුව, අප්‍රේල් 20 සිට 29 දක්වා නිවාසවලට ඡන්ද පත්‍රිකා බෙදාහරිනු ලැබේ.
අප්‍රේල් 29 වැනි දින වන විට නිවසකට ඡන්ද පත්‍රිකා නොලැබුණේ නම්, අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.
ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ආරක්‍ෂිත මලු තැපැල් කාර්යාල වෙත බෙදාහැරීම ඊයේ (15) සිදුකර ඇත.
එම මලුවලින් 70% කට වඩා දැනටමත් සාර්ථකව බෙදා හැර ඇති බව ද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.