පවුලක්ම රෝහලට යැවු අති බිහිසුණු මාරක රිය අනතුර (CCTV VIDEO)

accident Rathnapura CCTV Video Sannasgala road Palmadulla
By Sewvandhi Oct 20, 2021 11:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රත්තනපුර, සන්නස්ගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ (19) සවස එම අනතුර සිදුවී තිබුණි. අනතුර සිදුවූ ආකාරය ඒ ආසාන්නයේ තිබූ CCTV කැමරාවක සටහන්වී ඇත.

පැල්මඩුල්ල දෙස සිට රත්නපුර දෙසට ධාවන වූ ත්‍රීරෝද රථයක් මෝටර් රථයකට ඉස්සර කීරිමට යාමේදී රත්නපුර දෙස සිට පැල්මඩුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක ගැටී එම අනතුර සිදුවී තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ සිටි 10 හැවිරිදි සහ 5 හැවිරිද දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා පැල්මඩුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළක් කර ඇත. ත්‍රීරෝද රථය පැදවූ පිය සහ රථයේ සිටි මව සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

එක් දරුවෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු කොළඹ මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. පොලීසිය පවසන්නේ ත්‍රීරෝද රථයේ රියදුරගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් එම අනතුර සිදුවී ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now