පෙට්‍රල් හෝ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථවලට තහනමක්..කැබිනට් අනුමැතියත් හිමිවෙයි..

Sri Lanka Cabinet Electric Vehicle Businessman Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna Sep 16, 2024 12:48 AM GMT
Aruna

Aruna

Report

විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් 2029 වසර වන විට ටපෙට්‍රල් හෝ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ ආනයනය තහනම් කරන බව රජය පවසනවා.

මේ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවයි පැවසෙන්නේ.

මෝටර් රථ ආනයනය නව මාදිලිවලට සීමා වන බවත් නිෂ්පාදනය කර වසර තුනකට අඩු මෝටර් රථ සහ ක්‍රීඩා මාදිලියේ වාහන (SUV) මෙන්ම නිෂ්පාදනය කර වසර පහට අඩු පොදු ප්‍රවාහන සහ වාණිජ කටයුතු සඳහා භාවිත කරන වාහන සඳහා ඇති තහනම ද ඉවත් කිරීමටද අනුමැතිය හිමිවී ඇත.

අද ඔබේ ලග්නයට අනුව ඇතිවන කරදර, බාධක, ලෙඩ රෝග සියල්ල මෙතනින් දැනගන්න..

අද ඔබේ ලග්නයට අනුව ඇතිවන කරදර, බාධක, ලෙඩ රෝග සියල්ල මෙතනින් දැනගන්න..


තවද විශේෂ කාර්යයන් සඳහා සහ ආරක්ෂක කටයුතු සඳහා ආනයනය කරනු ලබන වාහන අවුරුදු දහයක් දක්වා පැරණි විය හැකි බවද ප්‍රකාශ කරයි.

එසේම ආනයනකරුවන් විසින් මෙම වාහන ආනයනය කර දින 90ක් ඇතුළත ලියාපදිංචි කර විකිණීමට අවශ්‍ය වන අතර සිදුවන ප්‍රමාදය සඳහා දඩ මුදල් අය කරනු ලැබේ.

මීට අමතරව රජය මෝටර් රථ සහ අමතර කොටස් ආනයනය කරන්නන්, වාහන එකලස් කර­න්නන් සහ වෙ‍ළෙඳුන් නියාමනය කිරීම සඳහා වාර්ෂික බලපත්‍ර ක්‍රමයක් ද හඳුන්වා දීමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ අතර මේ වසරේ ඔක්තෝබර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 304 HS කේතය යටතේ වර්ගීකරණය කර තිබෙන මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ද ඉවත් වනු ඇති බවද දන්වා තිබේ.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ගෙන ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට අනුකුලව සහ මුදල් අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව, 2024 ඔක්තෝබර් 1 වැනිදා සිට අදියර තුනක් යටතේ මෙම තහනම ඉවත් කිරීම සිදුවන බවද අවධාරණය කරයි.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දැඩි තීරණයක් ගන්න යයි..ඉන්දියාවටත් රතු එළියක්.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දැඩි තීරණයක් ගන්න යයි..ඉන්දියාවටත් රතු එළියක්.


පළමු අදියර යටතේ පොදු මගී ප්‍රවාහන වාහන, විශේෂ කාර්ය වාහන සහ අනෙකුත් යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා 2024 ඔක්තෝබර් 1 වැනිදා සිට අවසර දෙන අතර, දෙවැනි අදියර යටතේ වාණිජමය හෝ භාණ්ඩ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් භාවිත කරන වාහන ආනයනය සඳහා 2024 දෙසැම්බර් 1 වැනිදා සිට අවසර දෙනු ලැබේ.

තුන්වන අදියර යටතේ පුද්ගලික භාවිත මෝටර් වාහන (මෝටර් රථ, වෑන්, ක්‍රීඩා මාදිලියේ වාහන ආදිය ඇතුළුව) ආනයනය සඳහා 2025 පෙබරවාරි 1 වැනිදා සිට අවසර දෙනු ලබන බව දන්වා තිබේ.

පනවා ඇති තහනම ක්‍රමානුකූලව ඉවත් කිරීම මගින් මෙරට මෝටර් රථ කර්මාන්තයේ පුනර්ජීවනය කිරීමට මෙන්ම ආර්ථිකය නංවාලීම ද අපේක්ෂා කරන අතර මෙමගින් පැරණි වාහන භාවිතය නිසා ඇති වී තිබෙන ඉන්ධන අකාර්යක්ෂමතාවය අවම කිරීම සහ නඩත්තු වියදම් ඉහළ යාම පාලනය කිරීම වැනි ගැටලු විසඳීමට උපකාරී වන බවයි රජය පවසන්නේ.

වාහන ආනයනය සම්ප්‍රදායිකව ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇති බැවින් නව වාහන ආනයනයට ඉඩ දීමෙන් ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට සහ රජයේ ආදායම වැඩි කිරීමට ද අපේක්ෂා කරයි.

සුරූපී ස්පා තරුණියන්ගෙන් මුළු රැයක් සැප අරන් සපගහල අතහරී..මීට කලිනුත් ස්පා තරුණියන් දෙන්නෙක් දූෂණය කරල..ලේසියෙන් සල්ලි හොයන් සැපගන්න ගහපු ගේම ලීක් වෙච්ච හැටි මෙන්න.

සුරූපී ස්පා තරුණියන්ගෙන් මුළු රැයක් සැප අරන් සපගහල අතහරී..මීට කලිනුත් ස්පා තරුණියන් දෙන්නෙක් දූෂණය කරල..ලේසියෙන් සල්ලි හොයන් සැපගන්න ගහපු ගේම ලීක් වෙච්ච හැටි මෙන්න.


කෙසේ වෙතත්, වාහන ආනයනය මෙරට විදේශ විනිමය සංචිත කෙරෙහි බලපෑමක් ඇති කරන බැවින් එම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා වාහන ආනයනය සඳහා අමතර තීරු බදු පැනවීම වැනි පියවර ද හඳුන්වා දී තිබීම විශේෂත්වයක්

දැනට භාවිත කරන වාහන විද්‍යුත් වාහන බවට පරිවර්තනය කිරීම ද මෙරට තුළ වසරකට සාමාන්‍යයෙන් මාර්ග අනතුරු 30,087ක් පමණ (මූලික වශයෙන් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ) සිදුවන අතර ඒවා තවදුරටත් අවම කිරීමේ උත්සාහයක් ලෙස රජය සිය වාහන ආනයන ප්‍රතිපත්තිවලට ආරක්‍ෂිත පියවර ද ඇතුළත් කර තිබෙන බවයි රජය පවසන්නේ.

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින වැඩසටහනේ අංගයක් ලෙස ශ්‍රී ලංකාව ළඟා විය යුතු මූල්‍ය ඉලක්කවලට සහාය වෙමින්, ආනයන කටයුතු ක්‍රමානුකූලව නැවත ආරම්භ කිරීම මෙන්ම තීරුබදු හරහා අමතර ආදායමක් උපයා ගැනීමට ද මෙමගින් අපේක්ෂා කරයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ද අත්සන් තබා ඇති පැරිස් සම්මුතියෙහි ඇතුළත් “ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්වය (NDCs)” සපුරාලීම සඳහා පවතින කැපවීම මෙන්ම 2050 වන විට ‘ශුන්‍ය විමෝචන තත්ත්වය’ කරා ළඟාවීම සඳහා පවතින ඉලක්කය, මෙම තීරණය වෙත එළැඹීමේදී ද සැලකිල්ලට භාජනය කර ඇත.

නව වාහන ආනයන ප්‍රතිපත්තිය මගින් පරිසර හිතකාමී වාහන කෙරෙහි අවධානය යොමු කර තිබීම ද විශේෂත්වයක්.

ඊට අනුව Euro 4 සිට Euro 6 දක්වා ප්‍රමිතීන්ට පරිවර්තනය වෙමින් වායු විමෝචන ප්‍රමිතීන්ට අනුකූල වීමද අවශ්‍ය වේ.