රෝහලට යන්න ගිය ගමන මරු කටින් අවසන් වෙයි - තවත් බිහිසුණු අනතුරක් - දින 10ක බිලිදෙක් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට

Report

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගෝනමැරියාව පන්සල අසල දී අද (27) දින පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් දින 10ක බිලිදෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම අනතුර සිදුව ඇත්තේ පදවිශ්‍රීපුර ප්‍රදේශයේ සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ අනුරාධපුර දෙස සිට කැබිතිගොල්ලෑව ප්‍රදේශයට ධාවනට වූ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන්.

එමෙන්ම අනතුරින් ත්‍රිරෝද රථයේ ‍රියදුරු, ඔහුගේ මව සහ දින 10ක කුඩා බිලිඳා මෙසේ මිය ගොස් ඇත.

බිහිසුණු අනතුරක් - මෝටර් රථයක් දුම්රියේ ගැටී දැරියක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට

බිහිසුණු අනතුරක් - මෝටර් රථයක් දුම්රියේ ගැටී දැරියක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට

එසේම පොලීසිය සඳහන් කළේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් පිරිස අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යමින් සිටියදී මෙම දරුණු අනතුරට මුහුණ පා තිබෙන බවයි.

එමෙන්ම අනතුර සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

අද සිට ඉරිදා දක්වා මේවා ක්‍රියාවිරහිත කරන්න - බලශක්ති ඇමති රටින්ම ඉල්ලයි

අද සිට ඉරිදා දක්වා මේවා ක්‍රියාවිරහිත කරන්න - බලශක්ති ඇමති රටින්ම ඉල්ලයි