'ඩුබායි ඉෂාර'ගේ ගෝලයෝ තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමග කොටු

Report

 මෙරට මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි සිට මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවකු වන 'ඩුබායි ඉෂාර' නමැත්තාගේ මත්ද්‍රව්‍ය අලෙවිකරන සැකකරුවන් තිදෙනෙකු ගම්පොළ පොලිසිය මගින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

  තවද ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5ක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.

මෙම අදාළ සැකකරුවන් යතුරුපැදියක් උපයෝගී කර ගනිමින් ගම්පොළ, නාවලපිටිය, උලපනේ, දොළුව, ගෙලිඔය, පේරාදෙණිය වැලිගල්ල ආදි ප්‍රදේශවලට මෙම හෙරොයින් බෙදා හරිමින් සිට තිබේ.

  එහිදී ගම්පොළ දොළුව ප්‍රදේශයේදී දෙදෙනෙකුද, ගම්පොළ මහර ප්‍රදේශයේදී එක් අයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවන්ගේ කෑම සල්ලි හොරා කාලා පාටි දැම්ම විදුහල්පතිනියට වැඩ වරදී

දරුවන්ගේ කෑම සල්ලි හොරා කාලා පාටි දැම්ම විදුහල්පතිනියට වැඩ වරදී

ඒ වගේම අනාවරණය වී ඇත්තේ ගම්පොළ අංගම්මන, තුන්දෙනිය ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන්ට කොළඹදී මෙම මත්ද්‍රව්‍ය ලබාදෙන බවයි.

මෙලෙස අත් අඩංගුවට පත් පුද්ගලයන් වයස අවුරුදු 20 හා 22 අතර පසුවන තරුණයන් බව වාර්තා වේ.  

විදේශීය දුම්වැටි සහ බීඩි තොගයක් සමග පුද්ගලයෙකු ගුවන්තොටේදී කොටු

විදේශීය දුම්වැටි සහ බීඩි තොගයක් සමග පුද්ගලයෙකු ගුවන්තොටේදී කොටු