සාරා ෂරිෆ්ගේ මරණයට තිදෙනෙක් අත්අඩංගුවට.
සාරා ෂරිෆ් නම් 10 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරනවා.
එලෙස එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇයගේ පියා උර්ෆාන් ෂරීෆ්, සුළු මව බෙයිනාෂ් බාටූල් සහ බාප්පා වන ෆයිසාල් මලික්ය.
පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව සිය භාරයට ගෙන තිබුණේ ඊයේ (13) ඔවුන් රැගත් ගුවන් යානය ඩුබායි සිට ගැට්වික් ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදීය.
සාරාගේ මරණය ඝාතනයක් ලෙස සැක කරන බවත්, ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් ප්‍රශ්න කර බවත් බලධාරීන් පවසනවා.
සාරාගේ සිරුර නිවසේ තිබී අගෝස්තු 10 වැනිදා හමු වී තිබූ අතර, ඒ වනවිට ඇයගේ පියා, සුළු මව, බාප්පා සහ සහෝදර සහෝදරයන් පාකිස්තානයට ගොස් තිබිණි.
ඔවුන් එක්සත් රාජධානියේ බලධාරීන්ට පාකිස්තානයේ සිට උර්ෆාන් ෂරීෆ් සාරාගේ මරණය සම්බන්ධයෙන් දුරකථනයෙන් දැනුම් දී තිබූ බව සඳහන්ය.
සාරාට බහුවිධ තුවාල සිදු ව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත.
