"තොටලඟ නායකයා" ඝාතනය සම්බන්ධයෙන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී අත්අඩංගුවට

aruna thotalaga elle team leader mattakuliya camp
By Sewvandhi Sep 30, 2021 02:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තොටලඟ එල්ලේ කණ්ඩායමේ නායකයා ගේ ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුධ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සිද්ධියට සැකකාර ලුතිනන් කර්නල්වරයා අත්අඩංගුවට ගෙන පොලීසියට බාර දෙන ලෙස පොලිසිය යුද හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව යුද හමුදා පොලිසිය සැකකාරයාව ඊයේ පස්වරුවේ පොලීසියට භාරදීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සිදුවුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය යුධ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කළ ලුතිනන් කර්නල්වරයා වන අතර ඔහු 6 වන ගැමුණු හේවා බලකායට අයත් නිලධාරියෙකු බව පොලීසිය පෙන්වා දෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ ඇත්තේය තොටළඟ එල්ලේ කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරමින් සිටි රාගම බටුවත්තේ පදිංචි අකිල සම්පත් රත්නසිරි නැමැති තිදරු පියකුයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ක්‍රීඩකයාගේ බිරිඳ වන ග්‍රාම නිලධාරිනිය සහ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිටි තවත් සෙබළුන් 13 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා පසුගිය 17දින රාත්‍රියේ යතුරුපැදියක යමින් සිටියදී ප්‍රධාන සැකකරු ඇතුළු පිරිසක් ඔහුව පැහැරගෙන මාදම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් තබා ඝාතනය කර තිබෙනවා අනියම් සම්බන්ධයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha