මත්පැන් අලෙවිසැල් වලට ගිය අයට වැඩ වරඳී..මෙන්න කරන දේ.

Police Bar Hemantha herath Meerigama city
By Aruna Sep 23, 2021 09:21 AM GMT
Aruna

Aruna

Report

බාර් එකට ගිය අයට කළ දේ මත්පැන් අලෙවිසැල් වෙත ගොස් මත්පැන් මිලදී ගන්නා පුද්ගලයින් මීරිගම නගරයේ දී ඊයේ(22) දින අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

“පොත් සාප්පු විවෘත කරන්න ඉඩ දෙන්නේ නැහැ.

නමුත් බාර් විවෘත කරන්න ඉඩදෙනවා ?”

යනුවෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් අද(23) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසා සිටියේය.

පොත්හල් සහ බාර් අතරේ පැහැදිලිවම සම්බන්ධතාවයක් පෙන්නුම් කර නොහැකි අතර බාර් විවෘත කිරීම සම්බන්ධයෙන් නීතිමය කටයුත්තක් සිදුවෙන බැවින් මේ මොහොතේ ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න නොහැකි බව ඔහු සඳහන් කර තිබේ.

විශාල පිරිසක් පොත් අතපත ගාන බැවින් එවැනි අවස්ථාවකදී වෛරසය පැතිරයෑමේ න්‍යායාත්මක අවස්ථාවක් තිබෙන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර සිංහල භාෂා ව්‍යවහාරයට අනුව ජලයට පැන් යනුවෙන් යොදනු ලබන්නේ උතුම් වූ ජලය යන අරුතින් බැවින් මත්පැන් යන වචනය භාවිත කිරීමෙන් වළකින ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද ජනජනමාධ්‍යවේදීන් ගෙන් ඉල්ලා සිටියේය.

ඒ සුරාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට අතිරේක වශයෙනි.

මත්පැන් වෙනුවට සරල වශයෙන් ‘මත් වතුර’ යන වචනය යොදාගන්නැයි අමාත්‍ය වරයා සඳහන් කළේය .

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha