අදත් කාලගුණයේ වෙනස් වීමක්....හවස්වරුවේ එලියට යන්නේ බලාගෙන...

Department of Meteorology TN Weather Weather Sinhala news
By Hashini May 02, 2025 11:36 PM GMT
Hashini

Hashini

Report

දිවයිනේ කාලගුණයට අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ සිට සුළං අභිසාරී වන ස්ථානය) මේ දිනවල බලපා තිබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සහ කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාන කිහිපයක සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ස්ථානගත වූ තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසයි.

මධ්‍යම සහ ඌව පළාත්වල සහ අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයන් අපේක්ෂා කළ හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. 

TikTok කරන අය පරිස්සමෙන්.. පුද්ගලික දත්ත නීතිවිරෝධී ලෙස චීනයට මාරු කරලා - මෙන්න සම්පූර්ණ කතාව

TikTok කරන අය පරිස්සමෙන්.. පුද්ගලික දත්ත නීතිවිරෝධී ලෙස චීනයට මාරු කරලා - මෙන්න සම්පූර්ණ කතාව

ReeCha