සැඩ පහරට හසු වූ තරුණයාට අවාසනාවන්ත දැඩි ඉරණමක්
යතුරු පැදිය ධාවනය කිරීමට යාමේ දී සැඩපහරට හසු වී ගසාගෙන ගිය පුද්ගලයා ගේ මළ සිරුර සොයාගෙන තිබේ.
ඒ, බලහරුව, කුඩාඔය ගලා බසින අලුත්වෙල පාලම මතින් ගමන් කිරීමට යාමේ දී ය.
මියගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචි උමාඔය ව්‍යාපෘතියේ සේවය කරන වැඩබිම් සුපරීක්ෂකවරයෙක් වන අතර සිද්ධිය සිදු වූ ස්ථානයට නුදුරින් තිබී මළ සිරුර සොයාගෙන ඇත.
සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
මේ අතර ඊයේ(24) දින ඇළකට පැන පළායෑමට උත්සාහ කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී දියේ ගිලී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර හමුවී තිබේ.
එම සිරුර හමුව ඇත්තේ, මීගමුව කලපුව ආසන්නයේ පමුණුගම, සේදවත්ත ප්‍රදේශයේ දීය.
ජාඇළ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවෙක්ව අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු ඇළකට පැන පළායාමට තැත්කර තිබූ අතර ඔහුව අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් 4 දෙනෙකුද එම ඇළට පැන තිබුණි.අතුරුදන්ව සිටියේ එම නිලධාරීන් අතරින් එක් අයෙකි.
