සුළගේ වේගය ඉහළ යයි...මෙම ප්‍රදේශ වල අයට අවදානම් තත්ත්වයක්

Weather Galle Mathara Wind blowing Hambabantota
By Aruna Jul 22, 2021 04:14 AM GMT
Report

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට, මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මෙන්ම පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි බව එහි සඳහන්.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now