ජීවිත 04ක් බිලිගත් ඇල්ල වැවේ ඛේදවාචකයේ තොරතුරු රැසක් එළියට

Report

අද දින පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය, ඒ අරලගංවිල ප්‍රදේශයේ පිහිටි ඇල්ල වැවේ දිය නෑමට ගිය සිව්දෙනෙක් වැවේ ගිලී අද (08) පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වීමයි..

මෙලෙස ආවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණේ පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් තිදෙනෙක්. මියගිය සිව්දෙනා අතර වයස අවුරුදු 13ක දැරියක් ද සිටින අතර, දැරියගේ මවද දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අරලගංවිල පොලිසිය සඳහන් කළේ. රත්මලාන, බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස අද (08) අරලගංවිල ප්‍රදේශයේ පිහිටි සිය ඥාති නිවසකට පැමිණ තිබෙනවා.

දෙහිවල සත්තු වත්තෙන් නැවතත් ලක්ෂ 5ක් වටිනා නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල සත්තු වත්තෙන් නැවතත් ලක්ෂ 5ක් වටිනා නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

අනතුරුව ඔවුන් සිව්දෙනා අද පෙරවරුවේ ඇල්ල වැවේ දිය නෑමට ගොස් ඇති අතර, පිරිමි පුද්ගලයා පළමුව දියේ ගිලී තිබෙනවා. ඔහුව බේරාගැනීමට දැරිය සහ කාන්තාවන් දෙදෙනා වැවට පැන ඇති අතර එම අවස්ථාවේ ඔවුන් තිදෙනා ද දියේ ගිලී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී දෙදෙනෙක් බේරාගෙන දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා මියගොස් තිබෙනවා. අනෙක් දෙදෙනා වැවෙන් ගොඩගන්නා අවස්ථාවේ දී මියගොස් සිටි බවයි අරලගංවිල පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

GalleryGalleryGallery