12 හැවිරිදි පාසල් සිසුවෙකු දූෂණය කළ ගුරුවරිය.. - තවත් සිසුන් පිරිසකට ඇගේ නිරුවත් ඡායාරූප යවල සිදු වූ දේ..

By krishani Sep 10, 2023 03:38 PM GMT
Report

අමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ පාසලක ගුරුවරියක්ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 12 හැවිරිදි සිසුවෙකු දුෂණය කිරීමේ චෝදනා මතයි.

මෙම ගුරුවරිය සිව්වන ශ්‍රේණියේ ළමුන් සඳහා ඉගැන්වීම් කටයුතු කළ ගුරුවරියක් වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් ඇය 38 හැවිරිදි දෙදරු මවක් වන ඇලිසා මැක්කොමන් නම් කාන්තාවකී.

ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය සිකුරාදා ඇයගේ නිවසේ දී ය.

පසුව ඇය බන්ධනාගාර ගත කර ඇති අතර ඇය වරදකාරිය වුවහොත් වසර 25ක සිර දඬුවම්වලට මුහුණදීමට සිදුවිය හැකි බව එරට ආරක්ෂක නිලධාරීන් සඳහන් කර ඇත.

මෙම සිසුවාව ඇය දුෂණයට ලක් කර ඇත්තේ‍ 2021 වසරේ දී වන අතර අදාළ ගුරුවරිය විසින් ඇයගේ නිරුවත් ඡායාරූප යවා තවත් සිසුන් කිහිපදෙනෙකුව ද ලිංගික ක්‍රියාවන් සඳහා පොළඹවා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

මේ අතර එල්ල වූ චෝදනා අතරින් සිසුන් වෙත නිරුවත් ඡායාරූප යැවූ බව ගුරුවරිය විසින් පිළිගෙන ඇත.

නමුත් 12 හැවිරිදි සිසුවා දූෂණය කිරීමේ චෝදනාව ඇය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.