දක්ෂිණ අධිවේගී මාර්ගය හදිසියේම වසා දමයි. - ගිහින් අමාරුවේ වැටෙන්න කලින් මේක බලලම යන්න. - (PHOTOS)
Weather
Floods In Sri Lanka
Highways In Sri Lanka
By Wayomi
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවීම නිසා එම පිවිසුම තාවකාලිකව වැසූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ හේතුවෙන් එම පිවිසුමෙන් අධිවේගී පිවිසුමට ඇතුළු වීමට හෝ පිටවීමට හැකියාවක් නැහැ.
නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුමේ ඉදිරිපස මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනවා.
ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයට කුඩා වාහන ඇතුළු කිරීමට නොහැකි අතර ලොරි පමණක් දිය මතින් ගමන් කළ හැකි අතර අතර ගාල්ල සහ කොළඹ දිසාවේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන ද වැලිපැන්න හුවමාරුවෙන් පිටවීමටද නොහැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
![Gallery](https://cdn.ibcstack.com/article/870b2573-6658-40f4-a337-fdd334d1e012/24-665bf88ee229b.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/77070210-b3c8-433b-9799-d6b4e697bc00/24-665bf88f541d6.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/30235d77-f976-4fcf-89e4-9553e03e4f93/24-665bf88fbfb40.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/b380043f-6d9d-4c2e-a525-611778ceffa8/24-665bf890497f4.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)