කුළුදුල් දරුවා ඉපදී දින දෙකෙන් කොවිඩ් මරුවා රැගෙන ගිය හැටි

covid19 valipanna nagoda hospital smallest baby dhippita
By Sewvandhi Jul 29, 2021 04:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට සිදුවූ අඩුම වයසේ කොවිඩ් මරණය ඊයේ (28) දින වාර්තා වී තිබෙනවා.

වැලිපැන්න, දිප්පිට පදිංචි මවක විසින් කළුතර නාගොඩ රජයේ රෝහලේදී මෙම මවගේ කුළුදුල් බිලිඳා බිහිකර තිබෙන අතර,ඉපදී දින දෙකකට පසුව බිලිඳා මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මෙම බිලිඳා කොවිඩ් වෛරසය වැළදීමෙන් මිය ගොස් තිබෙන බවයි වාර්තා වී තිබෙන්නේ.

බිලිඳු මෘතදේහය ඊයේ (28) පස්වරුවේ දී මතුගම ප‍්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී ආදාහනය සිදුකර තිබෙනවා.

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සහ මරණවල ඉහළ යෑමක් ඊයේ දක්නට ලැබුණා. ඒ අනුව ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 1940 දෙනෙකු මෙරටින් හඳුනාගත් අතර, පසුගිය 27 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 63 ක්ද ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1940 දෙනා අතරින් 1,919 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වනවා. විදේශයන් හි සිට පැමිණ නිරෝධායන වන පුද්ගලයින් 21 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ තුන්ලක්ෂ 1,832 ක් ලෙසයි. සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 71,855 ක් ලෙස දැක්වෙන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 25782 ක්. පසුගිය 27 වනදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 63 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4,258 ක් ලෙසින්. ඒ අතර කාන්තාවන් 28 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු සිටිනවා.

අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 51 දෙනෙකු මිය ගිය පිරිස අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සමන්ත ආනන්ද කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මේ වනවිට රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ටද වැඩි වශයෙන් වෛරසය ආසාදනය වන තත්ත්වයක් උද්ගතව ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now